HNB, මහින්ද්‍රා රථවාහන හා Powerol ජෙනරේටර්ස් සඳහා සුවිශේෂී වරප්‍රසාද ලබා දීම වෙනුවෙන් අයිඩියල් මෝටර්ස් සමඟ එක් වෙයි – Saru News Media | Sri Lanka Business News

0
17

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා අයිඩියල් මෝටර්ස් සමඟ නව ගිවිසුමකට එළැඹිණි. මහින්ද්‍රා රථ වාහන හා  ජෙනරේටර්ස් සඳහා මූල්‍ය විසඳුම් සලසා දීම අරමුණු කර ගනිමින් ඇති කරගත් මෙම ගිවිසුම තුළින් වාහන මිලදී ගැනීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන මූල්‍ය ගැටළු සඳහා මූල්‍ය විසඳුම් සහ ඒ ආශ්‍රිත අනෙකුත් සේවාවන් ලබා දීමට අපේක්ෂිතය.

අයිඩියල් මෝටර්ස් ප්‍රධාන කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා HNB සහකාර සාමාන්‍යාධිකාරී  – පුද්ගලික මූල්‍ය විසඳුම් කාංචන කරුණාගම, අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – රථවාහන චමින්ද වනිගරත්න යන මහත්වරුන් ඇතුළුව මෙම ආයතන දෙකෙහිම නියෝජිතයින් එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී  – පුද්ගලික මූල්‍ය විසඳුම් කාංචන කරුණාගම මහතා පැවසුවේ “අයිඩියල් මෝටර්ස් සමඟ වන අපගේ හවුල්කාරීත්වය නැවත අලුත් කිරීම තුළින් පාරිභෝගිකයින් වෙත අසමසම දීමනා හා ප්‍රතිලාභ ලබා දීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම යළි යළිත් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව තුළ ඉතා ජනප්‍රිය මහින්ද්‍රා රථ වාහන හා ජෙනරේටර්ස් හඳුන්වා දීම හා ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන අයිඩියල් මෝටර්ස් සමාගම මේ වන විට ඉතා සාර්ථකවයට පත්ව තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත හොඳම දේ ලබා දීම සඳහා අයිඩියල් මෝටර්ස් වැනි හවුල්කරුවන් සමඟ වන සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් අපගේ සීමාවන් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අයිඩියල් මෝටර්ස් කණ්ඩායමට මාගේ ස්තුතිය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කරගැනීමට කැමතියි” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය යටතේ Bolero City Pick-up සහ KUV ඇතුළු මහින්ද්‍රා රථ වාහන ඇතුළුව මහින්ද්‍රා Powerol ජෙනරේටර්ස් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ලීසිං පහසුකම් සපසා ගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට උදා වන්නේ අසමසම ප්‍රතිලාභද ඒ තුළින් ලබා ගැනීමේ හැකියාවද සමඟිනි. තවද HNB ලීසිං පහසුකම් ලබා ගැනීමේදී HNB General Insurance වෙතින් හදිසි මරණයක් සඳහා රුපියල් මිලියන 4.5ක් වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කිරීමද විශේෂත්වයකි. එසේම ස්වභාවික මරණයකදී රක්ෂණ ඔප්පු හිමියා වෙනුවෙන් රුපියල් 600,000 රක්ෂණාවරණයක් පිරිනැමීමටද HNB General Insurance කටයුතු කර ඇත.

මෙහිදී අදහස් දැක් වූ අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – රථවාහන චමින්ද වනිගරත්න මහතා සඳහන් කර සිටියේ “ HNB සමඟ වන අපගේ සහයෝගීතාවය හේතුවෙන් වාර්ෂිකව ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඒ තුළින් වැඩි පාරිභෝගික ඉල්ලුමක් සහිත මහින්ද්‍රා වාහන සහ Powerol ජෙනරේටර්ස් සඳහා වෙළෙඳපොලේ හොඳම ලීසිං පහසුකම් සලසා දීමට අපට හැකි වුණා. HNB සමඟින් එක්ව අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය හා දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු දිවයින පුරා විසිරුණු HNB පාරිභෝගික ඒකක තුළින් මෙන්ම අයිඩියල් මෝටර්ස් ප්‍රදර්ශනාගාරවලින් ලබා ගත හැකිය. මෙම සහයෝගීතාවයට සමගාමීව KUV AMT සහ City pick-up වාහන සඳහා නොමිලේ ලියාපදංචි සේවා ලබා දීමටද අයිඩියල් මෝටර්ස් කටයුතු කර ඇත.

 

ඡායාරූප විස්තරය – HNB සහකාර සාමාන්‍යාධිකාරී  – පුද්ගලික මූල්‍ය විසඳුම් කාංචන කරුණාගම සහ අයිඩියල් මෝටර්ස් අධ්‍යක්ෂ – රථවාහන චමින්ද වනිගරත්න යන මහත්වරුන් විසින් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. (වමේ සිට) HNB සහකාර කළමනාකාර, ව්‍යාපාර සංවර්ධන – ලීසිං, මහේෂ් රත්නායක, HNB සහකාර කළමනාකාර – ලීසිං, රොෂාන් ද සිල්වා, HNB ලීසිං ප්‍රධානී සුසිත් පෙරේරා, අයිඩියල් මෝටර්ස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාලක වේහැල්ල, ජ්‍යෙෂ්ඨ කළමනාකාර – අලෙවි, හර්ෂ කේ- පෙරේරා යන මහත්වරුන් සහ අයිඩියල් මෝටර්ස් සමූහ නීති නිලධාරී දිව්‍යා අට්පුදනාදන් මහත්මියද ඡායාරූපයේ වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here