ෆෝන් ලෝකේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවාද? අද ඊයේ වගේ මතක, අවුරුදු දෙකකට ඉස්සර වෙලා කැමරා හිල් දෙකක් ආපු අලුත්ම ෆෝන් වල දැන් කැමරා හිල් තුනක්ම එනවා. දැන් ඉතින් පොකට් කැමරා වලට ආයිබෝන් කියලා ෆෝන් කැමරා එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. ඇයි මේ ෆෝන් වල කැමරා හිල් ගාණ එන්න එන්න වැඩිවෙන්නේ? මේකත් තවත් එක මාකටින් සෙල්ලමක් විතරයිද? නැත්නම් ඇත්තටම මේ කැමරා හිල් තුනෙන්ම මොනයම්ම හෝ වැඩක් වෙනවාද? මේ ගැන අපි ටිකක් සොයා බලන්න තීරණය කළා.
අලුතින්ම ආ ඇපල් එකේ කැමරා සිදුරු තුනක් තියෙනවා. ඉතින් ඒ වගේම…
කියන ෆෝන් ලැයිස්තුවේ කැමරා සිදුරු තුනක් එනවා. ඒ වගේම මෑතකදී නිකුත් වෙන ගොඩක් ෆෝන් වල දැන් කැමරා සිදුරු තුන සාමාන්‍ය දෙයක් වෙලා. කැමරා සිදුරු පිහිටන ආකාරය එකිනෙකාට ටිකක් වෙනස්. ඒ වගේම ඒඒ සිදුරු වලින් කරන කාර්යයත් එක එක ෆෝන් වලදි වෙනස් වෙනවා. කොහොම වුනත් කැමරාව කියන ගැජට් එකට ෆෝන් එක තුල වැඩි අවකාශයක් මේ කැමරා හිල් තුන මගින් ලැබෙනවා.
කැමරාවක් ගත්තාම ෆෝන් එකට වඩා අනිවාර්යයෙන් ඒක ඝනකමින් පළලින් වැඩියි. ඉතින් ආලෝකේ හරියට කළමනාකරණය කරගෙන හසුරුවන්න සාමාන්‍ය එස් එල් ආර් හෝ මිරර්ලස් කැමරාවකදි ලොකු අවස්ථාවක් ඒවට හම්බෙනවා. ඒත් ෆෝන් එකක් කියන්නේ එහෙම කැමරාවක් මට්ටමට ලොකු කරන්න පුළුවන් භාණ්ඩයක් නෙමෙයි. ඒත් ඉතින් අපිට ෆෝන් එකෙන් ලොකු කැමරාවක් මට්ටමටම ලස්සන පිංතූර ගන්නත් උවමනා වෙනවා. ඒ කාරණාවෙදි ඇතුළට එන ආලෝකය සෙන්සර් කීපයක් හරහා හඳුනාගෙන ලස්සන ෆොටෝ අරන් දෙන්න ෆෝන් වල කැමරා හිල් තුනක් පාවිච්චි කරලා තියෙනවා.
මිනිහෙක් හමුදාවකට බඳවාගන්න ගියත් මුලින්ම එයාගේ අතපය, මූණ, කඳබඩ හොඳට තියේද කියලා ශරීර තත්ත්වය බලනවා. ඉන් පස්සේ මනස හොඳට තියේද කියලා බලනවා. අතපය හොඳට තිබුනත් හොඳට මනස, ඔලුව වැඩකරන්නේ නැතිනම් ඒ කෙනා ඵලදායී වැඩකට යොදවන්න අමාරුයි. ෆෝනුත් ඒ වගේ. හරියට කැමරා සිදුරු තුනක් තිබිලා ඒවායෙත් ඉටිකිරිස් හොඳම සෙන්සර් තිබුන පලියටම කැමරාවෙන් හොඳ ෆොටෝවක් එන්නේ නැහැ. අපි ඡායාරූපයට අදාළ වස්තුවේ ආලෝකයට අදාළව ෆෝන් එක ඇතුලේ සෙටිංග්ස් ටික හදාගන්න ඕනි. ඉන් පසුව ඒ අනුව බිහිකරන පිංතුරය තමයි අපිට හැඩට පේන්නේ. ට්‍රිපල් කැමරාව, ට්‍රිපල් කැමරාව හසුරුවන කැමරා ඇප් එක වගේම මෘදුකාංගත් කැමරාවේ ෆොටෝ ලස්සන වෙන්න බලපානවා.
කැමරා ගාණ වැඩිවෙද්දි ෆෝන් එක ඇතුලේ තියෙන ග්‍රැෆික් සහ චිප්ස් වලටත් වැඩ ටිකක් වැඩි වෙනව. වෙනදා එක කැමරාවක ආපු සිග්නල් ආදිය කෙලින්ම පිංතුර බවට හරවපු ෆෝන් එකට දැන් කැමරා සිදුරු තුනකින්, තව තවත් සෙන්සර් වලින් එන තොරතුරු අනුව හැසිරෙන්න සිද්ධ වෙලා. ඒ නිසා ට්‍රිපල් කැමරා එක්ක එන අද ෆෝන් ගොඩකට සෑහෙන උඩ මට්ටමේ ග්‍රැෆික් සහ මූලික චිප් එනවා.
Saru Fm Media