9871 නමින් ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයක්

0
21

දේශපාලන පක්ෂවල අතකොලුවක් වෙමින් මෙරට ආයතන පද්ධති මෙන්ම රටද විනාශ මුඛයට යැවූ වෘත්තීය සමිති ව්‍යාපාරයට

තිත තබමින් 9871 අංකය යටතේ ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස සමස්ත ලංකා පෙරපාසල් ගුරු වෘත්තීකයන්ගේ සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස නීතීඥ නලීන් සමරකෝන් කටයුතු කරයි.

dfsdf4545
භාණ්ඩාගාරික ලෙස ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිතියේ සභාපති රත්නා ගමගේ කටයුතු කරන අතර ජාතික සංවිධායක ලෙස විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගම් බලමණ්ඩලයේ සභාපති තුෂාර සංජීව කටයුතු කරනු ලබයි.

නිලධාරී මණ්ඩලය 44කින් සමන්විත මෙහි මේ වනවිට සාමාජික සංඛ්‍යාව 127,850 ක් ඉක්මවා ඇත.

වෘත්තීය සමිති කේන්ද්‍රය මේ වනවිට ක්ෂේත්‍ර 58කින් සමන්විත වන අතර තවත් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කෙරෙන වෘත්තීය සමිති රැසක් ස්වාධීන ධජයක් යටතේ මේ සමඟ අත්වැල් බැද ගනිමින් සිටිති.

cvhdfhty

මුට්ටි කාසිවලින් ශක්තිමත් වු දේශපාලන පක්ෂ

වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සාමාජික මුදල් පක්ෂ අරමුදල් ලෙස භාවිතා කරමින් ඉතිහාසය පුරාම සිදුවූයේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් වීම නොව දේශපාලන පක්ෂ ශක්තිමත් වීමයි.

එමගින් විවිධ අවස්ථාවල රට ආරාජිකත්වයට ගමන් කළ අතර සිදුවූයේ මුට්ටි කාසි ව්‍යාපාරය ප්‍රචලිත වීම පමණි.

ලංකාවේ කරත්ත කම්කරුවන්ගේ ප්‍රථම ස්වාධීන වැඩවර්ජනයේ සිට මේ දක්වා දේශපාලන පක්ෂ විසින් වෘත්තීය සමිති ව්‍යාපාරය කෙලෙසා දැමීම පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි.

මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය බිදදැමීමේ සහ පවාදීමේ පාපකාරී  වරදට දැනටමත් දේශපාලනයේ නියැලෙන ජනතා විමුක්ති පෙරමුණ (මාලිමාව) ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය ඉතා බරපතල ලෙස දායක වී ඇත.

ලොව පුරා වර්ෂ 1700 ගණන් ඈතට දිවෙන කම්කරු අරගල හා කම්කරු ව්‍යාපාර මගින් ජාත්‍යන්තර කම්කරු දිනය හා පැය 8ක වැඩමුරය දිනා ගැනීම සිදුවූයේ පන්ති මිතුරන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මිස පාලකයනගේ ජීවිත පරිත්‍යාගයෙන් නොවන බව ද අමතක නොකළ යුතුය.

ප්‍රධාන කාරණා දෙකක්

මෙම ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මගින් ව්‍යවස්ථාමය වගන්තියක් ලෙස ප්‍රධාන කාරණා දෙකක් ඇතුළත් කර ඇත.

*  එක් කරුණක් වන්නේ දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් වෘත්තීය සමිති කේන්ද්‍රයේ මුදල් කිසිදු ආකාරයකින් දේශපාලන ව්‍යාපාරයකට හෝ පක්ෂයකට මුදාහැරීම තහනම් වීමයි.

 
*  අනෙක් කාරණය වන්නේ වෘත්තීය අරගලය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් ගාස්තු අයකිරීමකින් තොරව අධිකරණයේදී පෙනී සිටීමයි.

* දේශපාලන තීන්දු ගැනීම මැතිවරණ කාලය තුලදී පමණයි

ඉදිරියේදී මෙම ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණ වන්නේ ලක්ෂ 15ක් වූ මෙරට රාජ්‍ය සේවකයාත් ලක්ෂ 65ක් වූ මෙරට පෞද්ගලික අංශයේ සේවකයාත් එක් ධජයක් යටතට ගෙන ස්වාධීන වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් බිහි කිරීමයි.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී සුදුසු ජනාධිපතිවරයෙක් හා මන්ත්‍රීවරයෙක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දේශපාලන තීන්දු ගැනීම අදාල මැතිවරණ කාලය තුලදී පමණක් සිදුකරන අතර ආදාල මැතිවරණය අවසන් වූ වහාම නැවතත් තම වෘත්තීය අරගලය වෙනුවෙන් පමණක් පෙනී සිටීම මෙහි විශේෂත්වයයි.

එහෙයින් ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයකට මිස අනෙක් කිසිදු සංවිධාන ක්‍රමයකට අනාගතයේදී ද පන්ති ජයග්‍රහණ හා වෘත්තීය ජයග්‍රහණ පිළිබද බලාපොරොත්තු තැබිය නොහැකි බව ද සදහන් කළ යුතුය.

(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

dfgdfgr

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here