88-89 මැරුවේ ස්ත‍්‍රි දූෂකයන්, කසිප්පුකාරයන්, හොරුන්..- නලින් හේවගේ

0
26

88-89 භීෂණ සමයේදී ඝාතනයට ලක් වූයේ ස්ත්‍රී දූෂකයන්, කසිප්පු කාරයන් හොරුන් වැනි පුද්ගලයන් බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පළාත් සභා මන්තී‍්‍ර නලින් හේවගේ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනේ්දීය.

එම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂය නියෝජන කල තිස්ස කුට්ටිආරච්චි හා ඩබ්.ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඔහුට එල්ල කරන ලදී.

වීරසිංහ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ තම පියාද එම කාලයේ ඝාතනයට ලක්වූ පුද්ගලයෙක් බවත් හේවගේ මහතාගේ ප‍්‍රකාශය අනුව එම ඝාතනය සිදු කලේ තම පියා ස්ත‍්‍රි දුෂකයෙක් නිසාද යන්නයි.

ඒ සමගම එම වැඩසටහන සම්පූර්ණයෙන්ම කෝලහලයක් සේ දිස්විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here