දැන් මේ ඔන්ලයින් තාක්ෂණයෙන් උගන්නන ක්‍රමයත් එක්ක ෆෝන් එකක් අතේ නැති ළමයෙක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ ඉගෙන ගන්න දේ තවත් වැඩි දියුණු කරගන්න ෆෝන් එකට දගන්න පුළුවන් ඇප්ස් කීපයක් ගැන අද අපි කතාකරමු.
දැන් ගොඩක් අය zoom online classes වලට සහභාගී වෙනවා. ගොඩක් අය නෙමෙයි, ඉගෙන ගන්න හැමෝම වගේ. සමහර දවස් වලට ඔයාට මේ ක්ලාස් වලට සහභාගී වෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් ටීචර්ගෙන් හෝ යාළුවෙක්ට කියලා රෙකෝඩින් එකක් ලබා ගන්න. දැන් ටීචර් කෙනෙක්ට නම් පුළුවන් ලේසියෙන්ම මේ වැඩේ කරන්න. හැබැයි සමහර ගුරුවරු එහෙම දෙන්න අකමැතියිනේ. ඒ නිසා ඔයාට පුළුවන් යාළුවෙක්ට රෙකෝඩ් කරගන්න කියලා කියන්න. සමහර වෙලාවට වෙනත් screen recorder වලින් සූම් මීටින් එකේ සවුන්ඩ් එක රෙකෝඩ් කරන්න බැහැ. ඒත් මේ ඇප් එකෙන් ඔයාට සවුන්ඩ් එකත් රෙකෝඩ් කරගන්න පුළුවන්.
App – https://play.google.com/store/apps/details?id=com.jayazone.record.zoom&hl=en&gl=US
මේකත් ගොඩාක් වැදගත් වෙන්නේ කලින් කතා කරපු ඇප් එක වගේ පාඩම මගහැරුණු වෙලාවල් වලට. සාමාන්‍යයෙන් පාඩම් මගඇරුනම අපි කරන්නේ යාළුවෙක්ගෙන් ඒ සටහන් ඉල්ලගන්න එකනේ. එහෙම වෙද්දි යාළුවා ෆොටෝ ගහලා එවන සමහර සටහන් අපැහැදිළි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ ඇප් එක තියෙනවානම් මේකෙන් නෝට් එක ස්කෑන් කරල හරිම පැහැදිළිව මුළු නෝට් එකම ඔයාට ගන්න පුළුවන්.
App – https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&hl=en&gl=USc
මේත් ඔයාගේ පාඩම් වැඩ වලට ගොඩාක් ගැළපෙන ඇප් ටිකක්. ඔයාට පුළුවන් ගූග්ල් හරහා නොමිලේ හිමිවන මේ ඇප්ස් පාවිච්චි කරලා ගොඩක් වැඩ කරගන්න. අද දවසේ කරන්න තියෙන වැඩ To do list එකක් විදියට හදාගන්න, සතියක මාසෙක වැඩ ඔක්කොම කාල සටහනකට ගන්න, නෝට්ස් හදාගන්න වගේ දේවල් මේ හරහා ඔයාට කරගන්න පුළුවන්. ඒක ගොඩාක් වැදගත් වගේම පහසුයි ඔයාගේ පාඩම් වලට…
Saru Fm Media