ඉස්සර අපි පාවිච්චි කරපු තාක්ෂණේ, දැන් කාලේ තාක්ෂණේ එක්ක සසඳලා බලමුද නිකමට වගේ? – Saru News Media

0
10

දැන් ඔය පරණ තාලේ අය ගොඩක් වෙලාවට කියන කතාවක්නේ, ඉස්සර කාලේ අපි කොයි තරම් අමාරුවෙන්ද දේවල් කරගත්තේ කියලා දැන් කාලේ ඉන්න පරම්පරාව දන්නෙ නැහැ කියන එක. ඕක ඉතින් හැමදාම තියෙන පරම්පරා ඝට්ටනේ හින්දා කියන කතන්දරයක් කියලා හිතුවට, ඒ කතාවේ ඇත්තක් නැතුවා නෙවෙයි. ඒ කියන්නේ අද වෙනකොට තාක්ෂණේ දියුණු වෙලා තියෙන විදියට, ඉස්සර කාලේ – ඒ කියන්නේ අසූව අනූව දශක වල- තාක්ෂණේ පාවිච්චි කරපු අයට දැන් තාක්ෂණික දියුණුවත් එක්ක ලැබිලා තියෙන පහසුකම් නිකම් හීන වගේ තමා. ෂුවර් නැද්ද? එහෙමනම් කියවලා බලන්න!

 

ටෙලිවිෂන් ගැන කතා කරනකොට, ඇත්තටම අපි ඉස්සරම පාවිච්චි කරපු ටීවී වල රිමෝට් කන්ට්‍රෝල් තිබ්බෙත් නෑ. ආයෙ චැනල් එකක් මාරු කරන්න නං, ටීවී එක ලඟටම ගිහිල්ලා කරකවන්න ඕන. හැබැයි ඒකත් ඒ කාලේ ලොකු අවුලක් වුණේ නෑ. මොකද ඒ කාලේ- ඒ කියන්නේ අසූ ගණන් වල- ටීවී වල බලන්න චැනල් තිබුණේ දෙකයි. එක්කෝ ජාතික රූපවාහිනී එක්කෝ අයිටීඑන්. ඊට පස්සේ අනූ ගණන් වෙනකොටත් ඇත්තටම ටීවී චැනල් හතරකට පහකට වඩා තිබ්බෙ නෑ. හැබැයි දැන් වෙනකොට කේබල් ටීවී, සැටලයිට් ටීවී පහසුකම් එක්ක අපිට චැනල් දෙසිය තුන්සිය ගණන් බලන්න තියෙනවා.

 

ඒ වගේම තමයි ඉස්සර ටීවී ඉතාම පුංචි පෙට්ටි වගේ. අඟල් 12, 14 වගේ තමයි එන්නේ. ඊට පස්සේ ටික ටික ටීවී එකේ තිරය විශාල වුණත්, කාලයක් යනකල්ම ස්ටෑන්ඩර්ඩ් එක වෙලා තිබ්බේ අඟල් 21. හැබැයි දැන් වෙනකොට ටීවී පටන් ගන්නෙම අඟල් 32න්. රූප වල කොලිටියේ වෙනස් වීම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

 

ඇත්තටම අපි ටීවී අරගත්තු මුල් කාලේ රිමෝට් කන්ට්‍රෝල් තිබ්බෙ නෑ කියල කිව්වනේ. හැබැයි පස්සෙ කාලෙක රිමෝට් කන්ට්‍රෝල් ආවා. ඒවා ඇත්තටම අද කාලේ රිමෝට් කන්ට්‍රෝල් තරම් සංකීර්ණ නෑ. චැනල් මාරු කරන්න, සද්දෙ අඩු වැඩි කරන්න සහ තවත් ඒ වගේ අත්‍යාවශ්‍ය කාරණා කීපයක් ඇරෙන්න වෙන දෙයක් කරගන්න බට්න් තිබ්බෙ නෑ. ඒ වගේම, ඒ කාලේ රිමෝට් කන්ට්‍රෝල් අද වගේ ගෙදර සාලේ ඕනම තැනක ඉඳලා වැඩ කරන්නෙත් නෑ. ගොඩක් දුරට ටීවී එකට යම් දුරකින්, ටීවී එක කෙළින්ම තිබ්බොත් තමයි වැඩ කරන්නේ.

 

අද රිමෝට් කන්ට්‍රෝල් එකකින් ටීවී එකේ සම්පූර්ණ සිස්ටම් එකටම ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි නිකමට හිතලා බලන්න. අද තියෙන ටීවී රිමෝට් එකේ අපි ජීවිතේට පාවිච්චි කරලා නැති බොත්තම් එහෙමත් තියෙනවා නේද?  

 

මොබයිල් ෆෝන්ස් ගැන කියනකොට නම් ඉතින් ඇත්තටම සංසන්දනයක් කරන්නත් බැරි තරමයි. ඒ කියන්නේ ඉස්සර තිබුණු ගඩොල් භාග ෆෝන්ස් සහ දැන් තියෙන ස්මාට්ෆෝන්ස් ගත්තහම වෙනස අති පැහැදිළියිනේ. ඉස්සර තිබුණු ගඩොල් භාග මොබයිල් ෆෝන්ස් වලින් පස්සෙ ආපු එව්වා වත් සාක්කුවක දාගෙන යන්න අමාරුයි. කොහොමත් මුල්ම කාලේ ගඩොල් භාග මොබයිල් ෆෝන්ස් වලින් පුළුවන් වුණේ කෝල් එකක් ගන්න විතරයි. ඒකත් සිග්නල් තියෙන තැන් වලට වඩා සිග්නල් නැති තැන් වැඩියි. ඊට පස්සේ ආපු මොබයිල් ෆෝන්ස් වලින් කෝල් ගන්නවට අමතරව එස්.එම්.එස් යවන්නත් හැකියාව තිබ්බා. එච්චර තමයි. හැබැයි දැන් කාලේ ස්මාට්ෆෝන් එකකින් කරන්න බැරි මොනවද? 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here