පා පැදියක් මිලදී ගන්න ඉස්සෙල්ලා මේ දේවල් ගැන දැනුවත් වෙමු – Saru News Media

0
3

ඔයා මෝටර් රථයක් ගන්න ගියහම කොච්චරනම් දේවල් ගැන හොයනවද? ඒකේ වර්ගය, market එ, මිල, තෙල් දහනය වෙන ප්‍රමාණය, සැප පහසුකම එකී මෙකී දාහක් දේවල් හිතුවත් කවදාවත් හිතුවද foot cycle එකක් එහෙමත් නැත්නම් පා පැදියක් ගන්න කොච්චර හිතන්න වේවි ද කියල. එහෙනම් අපි ඒ ගැනත් ටිකක් හොයල බලමු.

ඔයා හොයන්නෙ සාමාන්‍ය පාරේ කරදරයක් නැතුව පැදගෙන යන්න එකක් නම් ඔයා මිලදී ගන්න ඕනි රෝඩ් බයිසිකල් (Road Bike) එකක්. මේක බරින් අඩුයි. Drop handle bar තියෙන්නේ. (ඒ කියන්නේ handle එක පහතට නැමිලා පිහිටන්නේ) සාමාන්‍ය මට සිළුටු මතුපිටක් තියෙන පාරක පහසුවෙන් යන්න පුළුවන්.
කඳු පල්ලම් සහිත රළු පාරක පදින්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕනි Mountain Bike එකක්. Disk brakes තියෙන,ගියර් system එකක් තියෙන,රෝද පළලින් වැඩි, කට්ට වැඩියෙන් තියෙන එකක්. මේකේ රෝද thick ගතිය වැඩියි. හරියට ජිප් එකක් වගේ.ඔයාගේ ගමන් මග සාමාන්‍යය මතුපිටක් තියෙන, ඒ වගේම බොරලු පාරක් නම් ඔයාට හොඳ Fitness hybrid bike එකක්ම තමයි. ඉස්සෙල්ලම කියපු bike වර්ග දෙකේම සංකලනයක් තමයි මේක.

ඔයාට සාමාන්‍ය පාරේ යන ගමන් ඉදලා හිටලා බොරලු පරකත් යන්න හිතුනොත් ඔයා අනිවාර්යෙන් තෝරාගන්න ඕනි Sport hybrid bike එකක්. එහෙමත් නැත්නම් Dual sport bike එකක්. ඔයාට එදිනෙදා අවශ්‍ය ගමන් බිමන් යන්න. අත්‍යව්‍යය දෙයක් ගෙන්න කඩේකට යන්න, Office යන්න ඕනි නම් ඔයාට ගැලපෙන්නේ ම Comfort hybrid bike එකක්. ඒක සැහැල්ලුයි, විශේෂයන් කූඩයක්, පසුපස ආධාරකයක් වැනි උපංගත් සමගයි මේක එන්නේ.

පාපැදියක් ගන්න ගියාම අනිවාර්යෙන් බලන්න ඕනි දෙයක් තමයි අපේ උස අනුව අපිට සුදුසු මොන size එකද කියන එක. ඔන්න ඉතිං අපි shop එකකට ගිහින්ම ගත්තොත් නම් නැගලා බලලා ගන්න පුළුවන්. Online order කළොත් තමයි අපි මේ ගැන හිතන්නම වෙන්නේ.

මේ ගැනත් දැනගෙන ඉන්න එක ගොඩාක් හොඳයි. සාමාන්‍යයෙන් බයිසිකල් ටයර් 12.5 cm සිට 28 cm දක්වා පළලකින් යුතු වෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට අනුව බයිසිකලයක් මිලදී ගන්න කොට මේකත් ගොඩාක් වැදගත් වෙනවා.

මෙතෙක් ආ comfortable ම සීට් එක තියෙන්නේ රැලේ (Rally) වර්ගයට අයත් බයසිකල් වල. මේක සම්පූර්ණ spring එකකින් සමන්විතයි (යකඩ වලින්). මොකද අපිට පහසුවෙන් වගේම ලොකු විනෝදයකින් බයසිකලය පදින්න නම් සුව පහසු සීට් එක හුගක් වැදගත්.

ගොඩාක් අය හිතනවා ඇති බයිසිකලයක් නම් ඉතිං ගත්ත ගමන් පදින්න පුලුවන්නේ කියලා. ලංකාවේ පාපැදි නිෂ්පාදනය කරන්නේ එකම එක company එකක් විතරයි. ඒකත් තමන්ගේ නිෂ්පාදන අපේ වෙළඳපලට දාන්නේ නෑ.
ලංකාවේ විකුණන්නේ එකලස් කරපු බයිසිකල්. ඉතිං මේවා ගොඩාක් වෙලාවට මාස 7-8 වෙනවා fit කරලා එක තැනක තියලා. ඒ නිසා අලුතින් ගත්තුගමන් පදින්න යන්නේ නැතුව, දන්න-කියන තැනකට ගිහින් nut bolt ටික තද කරලා, ග්‍රීස් ටිකක්, තෙල් ටිකක් දාලම ගත්ත නම් හුඟ කාලයක් ලෙඩක් නැතුව පදින්න පුළුවන් වෙයි.

අලියෙක් ගත්තනම් හෙන්ඩුවකුත් ගන්නම ඕනි වෙනවනේ.. අන්න ඒ වගේ හුළං පොම්පයක්, ටයර් repair kit එකක්, අඟල් 13.14,15,16,17 වගේ යතුරු කිහිපයක් එහෙම ළඟ තියාගත්තනම් පොඩි පොඩි ලෙඩ වලට වින්කලේ අයියාව හොයාගෙන දුවන්න වෙන වාර ගාන අඩු කරගන්නත් පුලවන් වගේම ලංකාවේ හුළං පෝලිමක් ඇතිවෙන එකත් අඩු කරගන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here