පුවත් මැවූ මැති ඇමති බිරින්දෑවරු – Saru News Media

0
3

අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ දේශපාලන ලෝකය තුළ විවිධ අවස්ථාවල පුවත් මවන්න සමත්වුණු මැති ඇමති බිරින්දෑවරු කිහිප දෙනෙක් පිළිබඳව.

 

සමාජ මාධ්‍ය ජාලා තුළ වගේම ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වලිනුත් දැඩි අසාධාරණයට ලක්වුණු තැනැත්තියක් විදිහට ශෂී වීරවංශ මහත්මියව හඳුන්වන්න පුළුවන්. ඇයට එරෙහිව එල්ල වුණු ගමන් බලපත්‍ර පිළිබඳ චෝදනාව අධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබෙන අතරතුර සමාජ මාධ්‍ය ජාලා හරහා ඇයට ඉතාම අශිෂ්ට ආකාරයේ මඩ ව්‍යාපාරයක් සංවිධානාත්මකව ගෙන යනු ලැබුවා. ඇතැම් අවස්ථාවල එම මඩ පදනම් විරහිත බව නීතිය ඉදිරියේ පවා ඔප්පු වී තිබියදී පවා මේ මඩ ගහන්නන් තම කටයුතු නවතා දැමුවේ නැහැ.

 

රාජිත සේනාරත්න මහතාගේ දේශපාලන ජීවිතය පසුපස හිඳිමින් විශාල වැඩ කොටසක් ඉෂ්ට කරනු ලබන්නේ සුජාතා සේනාරත්න මහත්මිය විසිනුයි. මේ නිසාම ඇතැම් අවස්ථාවල ඇයගේ සැමියා ඉලක්ක කර ගනිමින් එල්ල කළ මඩ ප්‍රහාරවල ගොදුරක් බවට ඇය ද පත් වුණා. කෙසේ නමුත් මේ සියල්ල ඉවසා දරාගනිමින් ඇය සිය සැමියාගේ දේශපාලන කටයුතු වලට සුවිශේෂී සහයෝගයක් ලබා දෙනු ලබනවා.

බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය 2015 ආසන්න කාලයේදී සක්‍රීය දේශපාලනයට එකතු වීමට නියමිතව සිටින බවට යම් යම් ආරංචිමාර්ග දේශපාලන ලෝකය පුරා පැතිර ගියා. ඊට රාජපක්ෂ පවුලෙන්ම දැඩි විරෝධයක් එල්ලව තිබෙන බවත් ඇහෙන්නට ගත්තා. කෙසේ නමුත් 2015 වසරේ දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව ඇය සහ බැසිල් රාජපක්ෂ ලංකාව අතහැර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා. පසු කලෙක පුෂ්පා රාජපක්ෂ පදනම සඳහා ලැබුණු මුදල් පිළිබදවත් විමර්ෂණයක් සිදු වුණා.

 

එස්. බී දිසානායක මහතාගේ බොහෝ කටයුතු සංවිධානය කිරීම සහ ඒ පිළිබඳව අධීක්ෂණය කිරීම සිදු වන්නේ ඔහුගේ බිරිඳ වන බිරිඳ වන තමරා දිසානායක මූලිකත්වයෙන්. විශේෂයෙන්ම එස්. බී දිසානායකව සිරගත කර තිබූ කාලයේ දී එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයක් නොලබාම ඇය විසින් සිය සැමියා වෙනුවෙන් විවිධ ආකාරයේ අරගල සහ විරෝධතා දියත් කිරීමට කටයුතු කරනු ලැබුවා. අවසානයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලවා සිය සැමියාට ජනාධිපති සමාවක් ලබා ගැනීමට ඇය සමත් වුණා.

 

ඇය දේශපාලනයට ලෝකය තුළ සක්‍රීය චරිතයක් නිරූපණය කිරීමට පටන් ගත්තේ සිය සැමියා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිර දඬුවමට ලක් වීමේ හේතුව නිසයි. මෙනිසා ඇය විසින් දේශපාලන පක්ෂවල සහයෝගය සහිතව මෙන්ම සහයෝගය නොමැතිවත් විවිධ සත්‍යග්‍රහ, උපවාස ආදිය සංවිධානය කිරීමට මූලිකත්වය ලබා ගනු ලැබුවා. ඔහුගේ දේශපාලන ආගමනයත් සමග රණවිරු සේවා අධිකාරියේ සභාපති තනතුර ඇගෙන් උදුරා ගනු ලැබූ අතර යළිත් එම තනතුර ඇයට ලබා දෙනු ලැබුවේ යහපාලන රජය මගිනුයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here