අනුර ජනාධිපති වුනාට පස්සේ රජයේ සේවකයෙකු ලෙස වැඩට යනවා..

0
12

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු සාමාන්‍ය ගුරුවරයකු, රාජ්‍ය සේවකයෙකු රාජකාරියට යන ආකාරයෙන් එම රාජකාරියට යනු ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට රටේ මහජන බදු මුදල්වලින් උත්සව පවත්වන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.

අනුර දිසානායක මහතා ජනාධිපති වූ පසුද රජයේ සේවකයකු මෙන් ඔහුද තම රාජකාරිය සඳහා සාමාන්‍ය ලෙස පිටත්ව යනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවක ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here