STF විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි

0
9

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය අද පැවැත්වුනා.

ඒ, කළුතර, කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම විසිරයාමේ පෙළපාලිය පැවැත්වුනේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම සඳහා බවයි වාර්තා වන්නේ.

පුහුණුව හැදෑරූ විශේෂ යතුරුපැදිකරුවන් 96ක් යතුරුපැදි 48ක් සමග එම පෙළපාලියේදී විසිර ගොස් තිබෙනවා.

විසිර ගිය සියලු‍ යතුරුපැදිකරුවන් වෙත සහතික ප්‍රදානයක්ද සිදු කළ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණු ප්‍රදේශවල සිටින ජාවාරම්කරුවන් මර්දනය කිරීම මූලික අරමුණ වනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී  නීතිඥ  වරුණ ජයසුන්දර ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here