අපරාධයකට යමින් සිටි දෙදෙනෙකු එස් ටී එෆ් අත්අඩංගුවට

0
8

කිසියම් අපරාධයක් කිරීම සඳහා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සත්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගලහ පොලිස් වසමේ නිල්ලඹ වේල්ල අසල මාර්ගයේදී සිදුකළ වැටලීමකදියි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොලබිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයකු හා දෙල්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු වනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගලහ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here