අභිරහස් ඉතුරුකර මරණයට පත්වුණු ප්‍රසිද්ධ චරිත 7ක් – Saru News Media

0
7

අද අපි කතාකරන්න යන්නේ අභිරහස් විදිහට මියගිය ප්‍රසිද්ධ පුද්ගලයන් හත්දෙනෙක් ගැන. මේ අයගේ මරණ සම්බන්ධයෙන් අදටත් බොහෝ දෙනෙක් සැක සංකා මතු කරනව. 

 

නම කියූ සැනින්ම මතක්වෙන්න ඇති 50, 60 දශකවල හොලිවුඩ් සිනමාවේ සරාගී ගිනිසිළුව. ඇයට ලෝකය කළඹන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසයි. ඒ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට තුළ සිරුර නිරාවරණය කරමින් දැක්වූ සරාගී රංගනය සහ අදටත් අභිරහසක් ව තිබෙන ඇගේ මරණය නිසයි. ඇය 1962 අගෝස්තු 4 වන දින තම නිවසේදී නිදිපෙති බී සියදිවි නසගත්තා යැයි සමහරු කියනවා. තවත් පිරිසක් කියන්නේ එවක ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනෙඩි හා තිබූ සබඳතාව බිඳ දැමීමට ඔහුගේ බිරිඳ මැරලින් හට වස දී මරා දැමුවා කියලායි. ඒ කොහොම වුනත් මැරලින්ගේ මරණයත් අදට අභිරහසක්.

 

මේ නම දන්නැති කෙනෙක් නම් ඉන්න බෑ. බෲස් ලී කියන්නේ ඒ තරමටම ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ආත්මාරක්ෂක සටන්කරුවෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. 1973 මැයි 10 වෙනිදා සිදු වු ඇදවැටීමකින් ඔහුගේ මොළයට ගොඩාක් හානි වෙලා තියෙනවා. ඊට මාස දෙකකට පස්සේ තමයි ඔහු මියගිහින් තියෙන්නේ. මරණයට හේතුව පිළිබඳ වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙන්නේ බෲස් ලී හිසේ කැක්කුමකට ලබා ගත්ත බෙහෙත් වර්ගයකින් වෙච්චි ආසාත්මිකතාවක් කියලායි. ඒත් මෙය චීනයේ ට්‍රයඩ් නම් සංවිධානය කෙරූ මිනීමැරුමක් විදියටත් සමහරු පිළිගන්නවා. ඊට අමතරව තවත් බොහෝ මතවාද රැසක් බෲස් ලී ගේ මරණය සම්බන්ධයෙන් තියෙනවා. 

 

ලොව පුරා අතිශය ජනප්‍රිය රොක් ගායකයෙක් තමයි එල්විස් ප්‍රෙස්ලි. රොක් කලාවේ රජු විදිහටත් මොහුව හඳුන්වනු ලබනවා. කඩවසම් පෙනුමින්, කටහඬින්, නර්තනයෙන් ඔහු මුළු ලෝකයක්ම වසඟ කරගන්න සමත් වුණා. 1977 අගෝස්තු මාසයේදි තමයි ඔහු තම නානකාමරයේ මියගිහින් තියෙන්නේ. හෘදයාබාධයකින් මිය ගියා කිව්වත් සමහර අය හඳුන්වන්නේ මේක මිනීමැරුමක් විදිහටයි. ඒ වගේම එල්විස් තවම ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන පිරිසුත් ඉන්නවා. ඔවුන් කියන්නේ එල්විස් මිය ගිය පුවත බොරුවක් බවත්, එල්විස් තමන්ගේ ජනප්‍රියතාවය අතහැරලා රහසිගතව ජීවත්වෙන්න ‍මේ මරණයේ නාටකය රඟදැක්වුව බවකුත් තමයි. 

 

“දීවානා” හිංදි චිත්‍රපටයේ හිටපු මේ පොඩි කෙල්ලවනම් කාටවත් තවම අමතක නැතුව ඇති. අනූව දශකයේ මුල්ම කාලයේ බොලිවුඩයම ඇය ඇගේ වසඟයට ගත්තා කිව්වොත් නිවැරදියි. නමුත් අවාසනාවන්ත ලෙස ඇය අවුරුදු 19 තරම් ලාබාල වයසකදී මියගියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙම ඉද්දියි. බීමත්ව සිටි මොහොතකදී ඇය පදිංචිව සිටි නිවස පිහිටි ගොඩනැගිල්ලෙන් පහළට වැටී මියගියා කියලා තමයි හුඟාක් අය පිළිගන්නේ. ඒත් දිව්‍යා තම මවත් සමග තිබූ ප්‍රශ්න නිසා දිවිනසාගත්තාය කියලත්, ඇයගේ මරණය මිනීමැරුමක් බවටත් මත පළවෙනවා. දිව්‍යාගේ මරණයට හේතුව අදටත් අපැහැදිලියි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here