ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානියෙක් රුසියාවට

0
8

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණ තිබෙනවා.

ඔහු එම සංචාරයේදී රුසියානු ආරක්ෂක කවුන්සිලය විසින් සංවිධාන කර තිබූ BRICS සාමාජික රටවල ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවකට සහභාගි වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් පවසා ඇත්තේ ත්‍රස්තවාදය තරයේ හෙලා දකින බවයි.

ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සමීප සහයෝගීතාව සහ දේශසීමා සැලසුම් කිරීම, අරමුදල් සැපයීම සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ගවලට එලඹිය යුතු බව පවසා තිබෙනවා.

මේ අතර ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මියන්මාරයේ ආරක්ෂක ප්‍රධානී අද්මිරාල් මෝ අවුං හමුවී තිබෙනවා.

එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී 
මියන්මාරයේ වත්මන් තත්ත්වය සහ මියන්මාරයේ ඉන්දියාව අරමුදල් සපයන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here