එයා මැරිලා හුගක් කල් 3 – Saru News Media

0
8

රාජරත්නම් එයාගෙ හතරැස් බෑග් එකෙන්  එකතු කරපු පත්තර වගයක් ගත්තා.ඒක ස්ක්‍රැප් බුක් එකක් .. මුළු පොත පුරහම රත්නාලෝකගේ වගේම අනික් ප්‍රධානම මැති ඇමති ගොල්ලන්ගේ ඉස්සර සහ මෑතක  එකතු කරපු ඡායාරූප එකතුවක් වුණා.

“මේ බලන්න ඩොක්ටර්..අපි කවුරුවත් මේ ගැන වැඩිය හිතන්නේ නෑ..මම කරන රස්සාව හින්දද මම දන්නෙ නෑ..මට ඉතින් හැම දෙයක්ම සැකයක් විදියට තමයි පේන්නේ..මට නං මේ රූප  වල ලොකු වෙනසක් පේනවා..
මේ බලන්න මීට අවුරුදු විස්සකට කලින් රත්නාලෝකගේ රූපය..එතකොට මෙයා ජනාධිපති වෙන්න හිතලා නැහැ.මේ බලන්න රත්නා ලෝකගෙම අවුරුදු දහයකට කලින් රූපය.එතකොට මෙයා  සෑහෙන ගමනක් ඇවිත්…
ඒ වගේම  මේ තියෙන්නේ ජනාධිපති වෙන්න සතියකට කලින් ෆොටෝ එකක්..
මෙයා හරියටම ජනාධිපති වෙන්න කලින් තියෙන්නෙ බොහොම සාමාන්‍ය රූපයක්.මේ බලන්න ජනාධිපති වුණාට පස්සේ රූප ටික..හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා නේද..නළුවෙක් වගේ ලස්සන වෙලා..සුදු වෙලා පිරිපුන් වෙලා..අපේ භාෂාවෙන් කියනවනම් පින් පාට වෙලා..”

රාජරත්නම් එක දිගට කතා කරමින් එකින් එක රූප පෙන්නමින් විස්තර කරන විදිහ මම බලාගෙන හිටියා.ඇත්තටම මෙච්චර කාලයකට මට වුණත් ඒ වගේ දෙයක් හිතිලා තිබුණේ නැහැ.එක අතකට බැලුවහම ඒකෙත් පුදුමයක් තියෙනවා.
රාජරත්නම් ට වෙරි හින්දා කියල කියන්නමත් බැහැ.

“දැන් බලන්න ඩොක්ටර් .. මේ ඉන්නේ අම්බු සිරිනිවාසං.. දැන් වතුකම්කරු ඇමති.මේ අවුරුදු 15කට කලින් රූපයක්..එතකොට මෙයා සාමාන්‍ය වතු කම්කරු නායකයෙක්.එතකොට මේ පොටෝ එක බලන්න..මේ එයා ඇමතිකම ගන්න මාසයකට කලින් ෆොටෝ එකක්..බලන්න මේ දෙකේ වෙනස..හරි අවුරුදු පහළොවකට කලින් එකේයි මේකෙයි වෙනසක් තියෙන්න පුළුවන්.හැබැයි බලන්න මේ සිරිනිවාසන්ගේ දැන් ෆොටෝ එක.. දැන් සිරිනිවාසන්ගේ වයස අවුරුදු හැත්තෑවක්.. මීට අවුරුදු 15 කට කලින් හිටියටත් වඩා දැන් කොල්ලෙක් වගේ නේද..
ඊළඟට ඉන්නේ ජයදේව නානායක්කාර..එයාව නම් ඩොක්ට දන්නවනේ..දැන් අගමැති .. මීට අවුරුදු විස්සකට කලින් මෙයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්..  එතකොට මේ..අවුරුදු දහයකට කලින් විදුලි බල හා බලශක්ති ඇමති වෙච්ච වෙලාවෙ… මේ තියෙන්නේ අගමැති වෙන්න මාසයකට කලින් ෆොටෝ එකක්…බලන්න මේ රූප දෙකේ වෙනස.. හිතාගන්න බෑ නේද..”

“ඇත්තටම මිස්ට  රාජරත්නම්..මට මෙච්චර කාලෙකට ඔහොම දෙයක් හිතිලා තිබුණේ නෑ.ඔයා සමහර විට අලුත් විදියට හිතන කෙනෙක් වෙන්න පුළුවන්.එහෙම නැත්නම් ඇත්තටම ඔයා කියන විදිහේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්.ඇත්තටම ඔයා මේ ෆොටෝ පෙන්නුවාට පස්සේ නම් මටත් හිතෙනවා මේ මිනිස්සු මහා අසාමාන්‍ය විදිහට ලස්සන වෙලා කියලනම්.. “

“ඇත්තටම ඩොක්ට… මම කාලයක් තිස්සේ මේක අධ්‍යයනය කරපු දෙයක්.ප්‍රහාන් ගේ කේස් එකත් එක්ක මේක සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්.සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්.ඒක අපිට විසඳගන්න පුළුවන් වෙන්නේ කොල්ලා කතා කරවන්න පුළුවන් වුනොත් විතරයි. “

“රාජරත්නම් .. සමහරවිට ඇත්තටම මේ පාලකයෝ මේ තරම් දරුණු තීරණ අරගෙන මිනිසුන්ව පාලනය කරන්නේත් මොකක් හරි හේතුවක් නිසා වෙන්නත් පුළුවන්.
නෑ මං කියන්නේ මේකයි.. අපේ සමාජ පන්තියේ ඉන්න හැම කෙනෙකුටම තේරෙනවනේ සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියන එක.හැබැයි මෙතනින් එක ස්ටෙප් එකක් උඩට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඒක ඇතුලේ ඉන්න කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ නේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා.ඒගොල්ලො ඒක ඇතුළට ගියාට පස්සෙ ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක වගේනේ. හරියට මහජනතාව ඒගොල්ලන්ගේ තරහකාරයෝ කියල හිතාගෙන නේ ජීවත් වෙන්නේ..”

“ඒක නම් සහතික ඇත්ත.. ඩොක්ටර් ..
ඇත්තටම කියනවනම් අවුරුදු හැට හැත්තෑව අසූව කියන සාමාන්‍ය මිනිස්සු ඇත්තටම ගොඩක් දුරුවලයි. කල්පනා ශක්තිය අඩුයි …වැඩ කරන්න බැහැ.තීන්දු තීරණ ගන්න බැහැ.හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් අවුරුදු හැත්තෑව පැනපු අය.හැබැයි අපිට වඩා ජවසම්පන්නයි.. අපිට වඩා ලස්සනයි.. ඒවගේම තමයි ඩොක්ටර් කිසිම මානුෂික  බවක් නැහැ.. බොහොම මෑතක ඉඳල තමයි මේ සේරම දේවල්..
අහ්… මට මෙන්න මේක පෙන්නන්න අමතක වුනා.
මේ තියෙන්නෙ මීට අවුරුදු පහළොවකට කලින් හිටපු ජනාධිපතිගේ රූපේ.. “

“ආ. මේ අර්සකුලරත්න නේ..”

“ඔව් ඩොක්ටර් .. හැබැයි විශේෂත්වය වෙන්නේ මෙයාගේ ඉඳලා.. ඊට කලින් ඉඳපු කිසිම පාලකයෙකුගේ රූපය ඒ විදිහට වෙනස් වෙලා නැති එක. අවුරුදු හැත්තෑවෙන් පස්සේ
අර්සකුලරත්න ස්වේච්ඡාවෙන්ම දේශපාලනයෙන් අයින් වෙලා තියෙන්නේත්.. එයාට දැන් වැඩ කරන්න අමාරුයි කියන දේ කියලයි.. “

“ඔව් හැබැයි ..දේශපාලනික අතීතය දිහා බැලුවහමනං 1980 ට කලින්  හිටපු පාලකයෝ  ඔය තරම් බලයෙන් මත්වෙලා රට පාලනය කළේ නෑ. 1980 විතර පස්සේ තමයි ඔය ඔක්කොම කැළඹිලි ඇති වුණේ.
හැබැයි මිස්ට  රාජරත්නම්.. මේක ලංකාවට විතරක් පොදු දේකුත් නෙමෙයි..පිටරටවල් වලත් ගොඩක් වයස පාලකයෝ ඉන්නව නේද..”

“වයස පාලකයෝ ඉන්නව ඩොක්ටර්.. හැබැයි ඒගොල්ලෝ මේ විදිහට බලය රැඳිලා ඉන්න දත කන්නේ නෑ..එයාලගේ ධූර කාලය ඉවර වෙච්ච ගමන් බොහොම රෙස්පෙක්ට් විදිහට අයින් වෙලා යනවා. ඒ වගේම මේ විදිහට බොහොම අසාමාන්‍ය විදිහට රූප සෝබාමත් වෙන්නෙත් නෑ..”

“දැන් එතකොට මිස්ටර් රාජරත්නම් කියන්නේ..ප්‍රහාන් ගේ සිද්ධියට කොහොමද මේ රූපය ගැන තියෙන ප්‍රශ්නය වැදගත් වෙන්නේ .. සමහරවිට මිස්ට  රාජරත්නම්ගේ පරීක්ෂණය නොමඟ යනවා වෙන්නත් පුළුවන්.. එහෙම වුනොත් කාලය අපරාදේ නේද.. මෙහෙම යි.. අපි හුඟක් වෙලාවට පිටරට චිත්‍රපටි වලින් නම් දකිනවා මොකක් හරි භූතාත්ම වගේ දේවල් මනුස්ස ශරීරවලට ඇතුල්වෙන කතා. ඒවා ඉතින් ඇත්ත නෙමෙයිනේ..ඒවා චිත්‍රපටි..
ඒ වගේම තමයි සතියකට ලෙඩ්ඩු දෙන්නෙක්වත් එනවා තමන්ට අරය වැහිලා මෙයා වැහිලා කියාගෙන.. ඒවත් ඉතිං ඔක්කොම එක එක මානසික රෝග වර්ග තමයි..”

මම එහෙම කිව්වහම රාජරත්නම් එයාගේ ලෙමන් ජින් වීදුරුව අස්සෙන් මං දිහා බලාගෙන හිටියා. ඒ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.

“ඩොක්ටර් .. මගේ රස්සාව නිසා වෙන්න ඇති මට සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන්.මට ඩොක්ටර්ගේ මූණ දිහා බැලුවහම කියන්න පුළුවන්…ඩොක්ට හිතාගෙන ඉන්නේ එක්කෝ මට වෙරි..නැත්තම් මට මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා..ප්ලීස් ඩොක්ට තරහ වෙන්න එපා..ඇත්තටම ඩොක්ටර් ඒ විදිහට හිතනවනම් මට ඒක කෙලින්ම කියන්න..මගේ කාලය නාස්ති වෙන්නේ පරීක්ෂණයේදී නෙමෙයි.මාව විශ්වාස නොකරන කෙනෙකුට මම හොයාගත්ත දේවල් කියනකොටයි..”

“නෑ ..නෑ රාජරත්නම්..ඔයා මිස්අන්ඩස්ටෑන්ඩ් කරගන්න එපා.මම කියන්න හැදුවේ එහෙම දෙයක් නෙමෙයි.මම ඔයාව විශ්වාස කරන්නේ නැත්නම් මේ වගේ ගමනක් අද එන්නෙත් නැහැ.ඒ වගේම ප්‍රහන්ගේ සිද්ධිය මට තදින්ම හිතට දැනුන දෙයක්.ඒකයි මම එයාව කොහොම හරි සනීප කරගන්න බව ඔයාට කිව්වේ.ඒ වගේම ඔයා මේ හොයාගෙන තියෙන දේවල් සියයට සීයක් හිතලු කියලා කියන්න බැහැ .ඒවල යම්කිසි ප්‍රමාණයක ඇත්තකුත් තියෙනවා කියලා මට හිතෙනවා.
ඔයාව අවිශ්වාස කරනවා කියලා හිතන්න එපා.අපි එකතුවෙලා මේ වැඩේ කරමු.සමහරවිට මේ කතාවේ අවසානය හුඟක් වෙනස් වෙයි.මට හිතෙන හැටියට අපි නොහිතන විදිහට අපේ ජීවිත වුණත් යම්කිසි අවධානමකට ලක් වෙන්න පුළුවන්.රටේ පාලකයෝ මේ තරම් අදුරදර්ශී තීරණ ගන්න කොට මේ තරං අසාමාන්‍ය වැඩ කරනකොට මේ තරම් දරුණු තීරණ ගන්නකොට මටත් පෞද්ගලිකව අනන්ත අප්‍රමාණ හිතුණු දෙයක් තමයි මේ මිනිස්සුද කියන එක..ඇත්තටම මට ඒ වෙලාවේ හිතුනේ පාලකයෝ කෙරෙහි මගේ හිතේ තියෙන තරහ හින්දා මට එහෙම හිතෙනවා කියලා. මොකද අපිත් මිනිස්සු. ඒ වගේ පාලන තලයකට අපි ගියානම් අපි ඔය වගේ දෙයක් කරනවද කියල මට හිතුණු වාර අනන්තයි.”

“ඔව් ඩොක්ටර් .. දැන් බලන්නකෝ..අපි ආගම දහම විශ්වාස කරනවා. අපි මරණයෙන් පස්සේ ආපහු ඉපදීම ගැන විශ්වාස කරනවා.ඇත්තටම සාමාන්‍ය මිනිස්සු පව් කරන්න බයයි.කරන අය ඉන්නවා.ඒත් බහුතරයක් වැරදි කරන්න බයයි.ආගම දහම කෙසේ වෙතත් ප්‍රිස්න් එකේදි තමාගේ හෘද සාක්ෂිය කතා කරලා අඬා වැටෙන මිනිස්සු මම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ..මේ පාලන තන්ත්‍රයට ගිය හුඟක් පාලකයන්ට ආගම දහම ගැන බයක් නැහැ.ආයිත් ජීවිතයක් ලැබීම ගැන බයක් නැහැ.හොඳම දේ හෘද සාක්ෂිය කතා කරන්නෙත් නැහැ. හෘද සාක්ෂිය කතා කරන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ විතරයි.”

රාජරත්නම් ගේ පරිකල්පනය ගැන ඇත්තටම මට පුදුම හිතුණා.කරකවල කරකවලා අන්තිම වටේදි රාජරත්නම් මාව කොතැනටද මේ ගේන්නේ කියන එක මට හිතාගන්න බැරුව ගියා.

“සමහර රැඩිකල්  අදහස් නං තියෙනවා..ආගම දහම කියන්නේ බොරුවක්..ආගම දහම පින් පව් කියලා හදල තියෙන්නේ පාලකයෝම කියලා…
මොකද පාලකයන්ගෙන් පහළ ඉන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් හොඳම දේ පින් පව් ගැන වැඩි වැඩියෙන් ඔළුවලට දැමිල්ල.දැන් බලන්නකෝ..මිස්ට ඔය පෝය දවසට රාජ්‍ය නාලිකාවල යන බණ..ඒ වල පුළුවන් තරම් මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න උත්සාහ කරන්නේ මේ රාජ්‍ය නායකයෝ මැති ඇමැති ගොල්ලෝ ඒ තරම් සැප සම්පත් ලබන්නේ ඒ ගොල්ලො පෙර ආත්මවල්වල කරපු පින් නිසා..අපි ඒවට ඊරිසියා කරන්න හොඳ නැහැ..කියලා යි.”

“ඒකනං සහතික ඇත්ත…ආගම දහම පින් පව් කියලා කියන්නේ පාලකයා විසින්ම පීඩිත පංතිය හිර කරලා තියාගන්න යොදන උපක්‍රමයක්..නැත්තං ඉතින් කාට හරි රවලා බැලුවත් අනිත් අතට අපේ කකුල ගලක හරි හැප්පෙනවා.මේ මිනිස්සු කරන දේවල් වලට හෙනවත් නෑනේ..”

මම එහෙම කිව්වහම රාජරත්නම් හයියෙන් හිනාවුණා.

“අන්න ඩොක්ටර් ට මම කියපු දේ ටිකක් තේරීගෙන එනවා . අඩුම තරමේ මේ පාලකයෝ ළඟ ඉන්න තමන්ගෙ කසාද ගෑනිවත් තමන්ගේ මනුස්සයා කරන වැරදි එකකටවත් විරුද්ධ වෙන්නේ නැති එකනේ පුදුමේ..මම නම් බැඳලා නෑ තමයි ඩොක්ටර්..හැබැයි ඉතින් අපේ අම්මලා තාත්තලා පවුල් කන හැටි දැකලා තියෙනවා..අපේ තාත්තා මොනවා හරි පොඩි දෙයක් වැරදියට කළත් අම්මා ඉන්නවා පිටිපස්සෙන් ඒවා හරිගස්සන්න.මේ මිනිසුන්ගේ ගෑණුත් ඒවට මාර සපෝට් නේ..”

එතකොටනං මායි රාජරත්නමුයි දෙන්නම හිනා වුණා.

රාජරත්නම් එක දිගටම කතාකරන අතරේ මගේ ඔලුව ඇතුල යකාගේ කම්මලක් වගේ වෙලා තිබුණා.ඇත්තටම මේ පොලිස් ලොක්කට මානසික රෝගයක් තියෙනවද..
නැත්තම් මේ කියන්නෙ ඇත්තක්ද.. 

The post එයා මැරිලා හුගක් කල් 3 appeared first on Saru News Media.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here