කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250ක වටිනාකමකින් යුත් නවීන සී ටී ස්කෑනර් යන්ත්‍රයක්.

0
20

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250ක වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රයක් ප්‍රතිකාර සේවාවන් සදහා අද ලබා දුන්නා.

ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේයි.

පසුගිය සඳුදා දින මෙම  CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර අද දින තෙක් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කර ඇති අතර, අද දින සිට රෝගීන්ගේ  CT Scan   පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

එම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ඉදිරි වසර තුළ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බවයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here