ගර්භණී කාලේ සෙක්ස් කරන එක ගැන කතා කරමු – Saru News Media

0
7

මේක හුඟක් දෙනෙකුට ඇතිවෙන ප්‍රශ්නයක්. හැබැයි කතා කරන්න, කෙනෙකුගෙන් අහල දැනගන්න තියෙන ලැජ්ජාව නිසාම හිතේම තියාගෙන ඉන්න කාරණාවක්. ඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ලිංගික ක්‍රියාවකට යොමුවෙන්න, යොමුකරවාගන්න හොඳයිද කියන කුතුහලය නොදන්න ඕනම කෙනෙකුගෙ හිතේ ඇතිවෙන එක සාධාරණයි. මොකද අපි වැඩිදුර නොහිතා කරන ඕනම දේකින් ලැබෙන්න ඉන්න දරුවට අනතුරක් වෙන්න පුළුවන්ද කියන බය ඇතිවෙනවනේ. ඉතින් අපි කතා කරමු මේ ගර්භණී කාලයේදි ලිංගික කටයුතු වල නිරත වෙන එක ගැන, ඒ ගැන තියෙන මිත්‍යා මත ගැන එහෙම.

 

 

 

වැඩිපුරම වැදගත්, මූලිකම කාරණාව මේකයි. කොයි කාලෙත් sex කරන්න දෙන්නම කැමති වෙන්න ඕන තමයි. නැත්තම් ඉතින් ඒක බලහත්කාරකමක් වෙනවනෙ. හැබැයි ඉතින් මේ ප්‍රෙග්නන්ට් කාලෙදි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ගැහැණු කෙනාට අපහසුවක්, බබාට අනතුරක් වෙයි කියල බය නිසා සමහර පිරිමි අය මේ වැඩේට ටිකක් පසුබහින්න පුළුවන්. හැබැයි කරුණු පැහැදිලි කරලා දීල ඒ ගැටළුවනම් විසඳගන්න පුළුවන්. හැබැයි ගැහැණු කෙනාට, ඒ කිව්වේ මේ දරුවා ලැබෙන්න ඉන්න අම්මට ඔය කාලෙට කොන්දෙ අමාරු, කකුල් කැක්කුම් වගේ ඇඟේ එක එක අපහසුතා තියෙන්න පුළුවන්. ඒ වගේම හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා නිතර නිතර මූඩ් වෙනස් වෙන්න පුළුවන්. ඔය කිසිම හේතුවක් නැතත් sex එපාවෙන්නත් පුළුවන්. ඉතින් මානුෂීයව හිතල බලල, දෙන්නම සාකච්ඡා කරල දෙන්නම කැමතිනම් තමයි මේ වැඩේට මුල පුරන්න ඕන. අන්න එහෙම දෙන්නම කැමතිනම් තමයි මෙතනින් එහාට කියවන්නත් ඕනෙ ඔන්න. 

 

 

 

ඔන්න ප්‍රධානම ප්‍රශ්නෙ. ගර්භණී කාලෙ sex කළාට කමක් නැද්ද? සරලම උත්තරේ කමක් නැහැ කියන එකයි. ගර්භණී කාලෙදිත් අනිත් හැම කාලෙදි වගේම sex කියන්නෙ හරිම ස්වභාවික සංසිද්ධියක්. Sex කිව්වම ඉතින් ලොකු මාතෘකාවක්නෙ. යුව​ළක් අතරෙ සාමන්‍ය ලිංගික කාර්යයකදී සිද්ධවෙන ඕනම දෙයක්, ඒ කිව්වේ සංසර්ගය උනත් කිසිම විදිහකින් හානිදායක වෙන්නෙ නැහැ. බබා ලැබෙන්න කිට්ටුම අවසාන සති කිහිපය හැරුනම අනෙක් මුළු කාලසිමාවේම sex කියන්නේ බබාට කොහොමටත්ම ගැටළුවක් නෙමෙයි. 

හැබැයි ඔන්න මෙතනට වෙනකම් කියවල “හරි එහෙනම්” කියල වැඩේට බහින්න බැහැ. මෙතැනදී දැනගන්න ඕන තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ ඔක්කොමත් කියවලම ඉමු. 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here