ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හය වන කොටස – Saru News Media

0
7

 

ඔය දැන් සමහර ගොඩක් දෙනෙක් අහලවත් නැති වෙබ්සයිට් තියෙන්නේ? ඒවෑයින් සමහරක තියෙන්නේ ඉතින් ආතල් එකක් තමයි. නිකම් වැඩක් නැතුව ඉන්න වෙලාවට පොඩ්ඩක් ස්ට්‍රෙස් රිලීස් කරගන්න, පොඩි ෆන් එකක් ගන්න හොඳයි. ඒ වගේම ගොඩක් දෙනෙක් අහලවත් නැති තවත් වෙබ්සයිට් තියෙනවා, එව්වා කෙලින්ම අපිට එදිනෙදා වැඩ වලදී සෑහෙන්න ප්‍රයෝජනවත්. ඉතින් ඔය වගේ වෙබ්සයිට් සීරීස් එකක්ම ඉදිරිපත් කරපු එකේ, අපි හිතුවා ඒ වගේ තව වෙබ්සයිට් කීපයක් ගැන Saru News Media කියවන අපේ පාඨක සෙට් එක දැනුවත් කරන්න.

 

 

දැන් හිතලා බලන්න, ජොබ් එකක් හොයන ඕනම කෙනෙක්ට මොකක්ද තියෙන පළවෙනි ප්‍රශ්නේ කියලා. ඒ තමයි කාලෙට තාලෙට ගැලපෙන සීවී එකක් හදාගන්න එක. ඕකට biodata, resume වගේ නම් කිව්වට, දැන් තාලෙට කියන නම තමයි CV නැතිනම් curiculam vitae. හරි, නම නං මොනවද, හදාගන්නෙ කොහොමද? ඕන නං ඉතින් ඔය වර්ඩ් ෆයිල් එකක් ඇරලා තමන්ට ලියන්න ඕන ටික ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ලස්සන නෑ. ඔව්, දැන් කාලෙ සීවී එකේ ලස්සනත් බලනවා. අන්න ඒ නිසා, යන්න මේ cvmkr.com වෙබ්සයිට් එකට. ගිහින් විනාඩි කීපෙකින් තමන්ට ගැලපෙන ආකර්ෂණීය ටෙම්ප්ලේට් එකකින් හොඳ සීවී එකක් හදාගන්න. තෝරගන්න ඕන තරම් ටෙම්ප්ලේට් තියෙනවා. ආයෙ බොස් කෙනෙක් වගේ ජොබ් එකකට ගිහින් දික් කරන්න පුළුවන් නවීන, කොලිටි සීවී එකක් හදාගන්න තමයි තියෙන්නේ!

 

 

90 දශකේ ඉස්කෝලෙ ගියපු හාදයෙක් හරි හාදියක් හරි නං, අපිට පුංචි කාලේ සෙල්ලං කරන්න හම්බුණු අර පොඩි පහේ ගේම්ස් අමතක වෙන්න විදියක් නෑ. ඔය නින්ටෙන්ඩෝ වගේ අතට හැන්ඩි කොන්සෝල් වල ආපු ඔය සුපර් මාරියෝ ගේම්ස්, පොකේමොන් ගේම්ස්, සොනික් ගේම්ස්, සෙල්ඩා ගේම්ස් එහෙම පස්සෙ කාලෙක පොඩි පොඩි මොබයිල් ෆෝන්ස් වලත් තිබුණා. හැබැයි ඕවා විතරක් නෙවෙයි, අපිට අතීත කාලේ පොඩි ගේම්ස් මතක් කරනකොට ඔය F-117A: Stealth Fighter වගේ එව්වත් අමතක කරන්න බෑ. දැන් කාලේ අපි PS4, PS5 වලින් ගේම් ගැහුවත්, හිටපු ගමන් ඔය අතීත මතක එක්ක ඔය පරණ ගේම් එකක් දෙකක් සෙල්ලං කරන්න ආසාවක් එනවනේ. ආන්න එතකොට යන්න ගැලපෙන වෙබ්සයිට් එක තමයි මේ. මේ වෙබ්සයිට් එකට ගිහින් ඒකේ තියෙන ඔය පරණ ගේම්ස් ගණනාවක් ඩවුන්ලෝඩ් කරගෙන හරි, ඔන්ලයින් හරි සෙල්ලං කරන්න පුළුවන්! 

 

 

මෙන්න මේ pixelhunter.io වෙබ්සයිට් එක සෝෂල් මීඩියා වල සෑහෙන්න ඇක්ටිව් ඉන්න, හැම සෝෂල් මීඩියා එකේම ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරන අයට නම් ඉතාම වටිනවා. දැන් අපි ෆොටෝ එකක් අරගෙන ෆේස්බුක් එකට දානවා. හැබැයි ඔය ෆොටෝ එක ෆේස්බුක් කවර් පික් එකට දාන්න ගියහම ඔන්න එනවා ප්‍රශ්නයක්. සයිස් එක වෙනස්. ඒ විතරක් නෙවෙයි, අපි ඉන්ස්ටග්‍රෑම් එකට ෆොටෝ එකක් දාන්න ගියත්, ට්විටර් එකට ෆොටෝ එකක් දාන්න ගියත් එන්නේ ඔය ප්‍රශ්නෙම තමයි. ඒ කියන්නේ ෆොටෝ වල සයිස් ප්‍රශ්නේ. ඕන නම් ඉතින් ෆොටෝ එඩිටර් එකකින් අවශ්‍ය සෝෂල් මීඩියා එකේ ෆොටෝ එකකට හරියනම සයිස් එක හොයලා රීසයිස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක සෑහෙන්න වැඩක්. ඊට වඩා ලේසියි, pixelhunter.io වෙබ් එකට ගිහින්, අදාළ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක සිලෙක්ට් කරලා, තමන්ට ඕන විදියට ෆොටෝ එක ගාණට මිම්මට හදාගන්න එක!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here