LinkedIn ප්‍රොෆයිල් එකට වැඩි කොලිටියක් දෙන ට්‍රික්ස් කීපයක්! – Saru News Media

0
9

LinkedIn කියන්නේ මොකක්ද කියලා නොදන්න අය කරුණාකරලා ගිහින් LinkedIn ගිණුමක තියෙන වැදගත්කම ගැන කියවලා එන්න. LinkedIn කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලට තියෙන සෝෂල් නෙට්වර්ක් එකක් කියලානේ ගොඩක් අය දන්නේ. ටෙක්නිකලි ගත්තහම ඒක බොරු නෙවෙයි. හැබැයි LinkedIn කියන්නේ ඊට වඩා සෑහෙන්න එහා ගියපු දෙයක් කියලා LinkedIn පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. දැන් ජොබ් හොයන අයට, ජොබ් එකකට කට්ටිය හයර් කරන අයට විතරක් නෙවෙයි, දැනට රැකියාවක නිරත වෙලා ඉන්න වෘත්තිකයන්ටත් හරියට පාවිච්චි කරනවා නම් LinkedIn කියන්නේ රත්තරන් වටින ටූල් එකක්. අපි මීට කලිනුත් කියලා තියෙනවා ඕනෑම වෘත්තිකයෙක්ට නියමාකාරයේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.

 

හරි, දැන් කියන්න යන්නේ LinkedIn ගේම් එකේ සුපිරි කොලිටි බුලට් එකක් වෙන්න, LinkedIn ප්‍රොෆයිල් එකේ කොලිටි එක ඉහළ නංවා ගන්න ප්‍රයෝජනවත් වෙන තවත් ට්‍රික්ස් කීපයක් ගැන.

 

මේක මෑතකාලීනව LinkedIn එකට ආපු පහසුකමක්. ඒ තමයි, තමන්ට තියෙන මොකක් හරි කුසලතාවයක් ප්‍රශ්නෝත්තර ක්‍රමවේදයකින් තක්සේරු කරලා, ඒකෙන් ලකුණු හොඳට ගත්තොත්, LinkedIn ප්‍රොෆයිල් එකට එකතුවෙන එක. මේක විශේෂයෙන්ම අදාළ වෙන්නේ කවුරුහරි සේවායෝජකයෙක් යම් කුසලතාවයක් ඒ ජොබ් එකට අවශ්‍යයි කියලා දාලා තිබ්බොත්. උදාහරණයක් විදියට අපි කියමු SEO දැනුම කියලා. දැන් ඕක අපි නිකම්ම CV එකට කුසලතා යටතේ දැම්මහම අපිව ඉන්ටර්වීව් කරන කෙනෙක් ඒ සම්බන්ධයෙන් අපේ වචනය තමයි විශ්වාස කරන්න වෙන්නේ. හැබැයි LinkedIn එකේ අපෙන් SEO ගැන ප්‍රශ්න සෙට් එකක් අහනවා. ඒකට බහුවරණ උත්තර වලින් හරි උත්තර තෝරලා දෙන්න ඕන. එතකොට අපි ඒ ප්‍රශ්න වලට හරි උත්තර දුන්නහම, අපිට හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබුණොත්, අපේ ප්‍රොෆයිල් එක ඒ අදාළ ජොබ් එකට ඇප්ලයි කරලා තියෙන අනික් ප්‍රොෆයිල් අතරින් ඉහළ තැනකට එනවා.

 

අපි හිතමු, අපේ සිහින රැකියාව අපිට හොයාගන්න ඕන කියලා. ඒකට අවශ්‍ය කුසලතාවයන් අපි හදාගනිමින් යන්නේ කියලා හිතමු. එතකොට අපිට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි, මුලින් අපිට අවශ්‍ය ජොබ් එක LinkedIn ජොබ්ස් වල සර්ච් කරලා හොයාගන්න එක. දැන් බලන්න ඒ ජොබ් ලිස්ටින් වල තියෙන කී වර්ඩ්ස් මොනවද කියලා. උදාහරණයක් විදිය‍ට SEO, WordPress වගේ එව්වා වෙන්න පුලුවන්. අන්න දැන් අපිට පුලුවන් ඒ කී වර්ඩ්ස් වලට අදාළ කුසලතාවයන් ඉගෙන ගන්න සහ, වඩාත් වැදගත් වශයෙන් අපේ LinkedIn ප්‍රොෆයිල් එකට ඒවා එකතු කරන්න. එතකොට, ඒ අපේ සිහින ජොබ් එකට අදාළව ජොබ් පෝස්ටින්ග්ස් වැටෙන කොට, අපේ LinkedIn ප්‍රොෆයිල් එකට හොඳ ප්‍රමුඛතාවයක් හිමි වෙනවා.

 

සාමාන්‍යයෙන් දැන් කාලේ ඉහළ මට්ටමේ කම්පැණි එකක ඉන්න අලුතින් සේවකයෝ හයර් කරන මැනේජර්, මානව සම්පත් කළමනාකරු වගේ අය අනිවාර්යයෙන්ම Linkedin ඉන්නවා. දැන් අපි ජොබ් එකකට ඇප්ලයි කළාට පස්සේ, එහෙම කෙනෙක් හොයලා, එයාට Linkedin හරහා මැසේජ් කළාට කමක් නැද්ද? කිසිම ගැටළුවක් නෑ. ගොඩක් වෙලාවට ජොබ් ලිස්ටින්ග් එකේම තියෙනවා අදාළ කම්පැණි එකේ කවුද හයරින් පාට් එක කරන්නේ කියන එක. ජොබ් එක පෝස්ට් කරන කෙනාම වෙන්නත් පුලුවන්. ඒක පොඩි රිසර්ච් පාරක් දාලා හොයාගමු. ඊළඟට, ඒ කෙනාට Linkedin එකේ හායි හලෝ කියලා මැසේජ් කරන්න යන්න එපා. ඊට වඩා ප්‍රොෆෙෂනල්, පැහැදිලි මැසේජ් එකක් තමයි දෙන්න ඕන. උදාහරණයක් විදියට කොටස් කීපයක් ඒ මැසේජ් එකේ තියෙන්න පුලුවන්. (1) ඔබ කවුද, ඇයි මැසේජ් කරන්නේ, (2) ඔබේ සුදුසුකම්, අත්දැකීම් සහ කුසලතාවයන් මොනවද, (3) ඔබේ දැක්ම මොකක්ද. ඔන්න ඔය ටිකත් ප්‍රමාණවත්.

 

ඇත්තටම ඉස්සර Linkedin එකවුන්ට් එකක් හදනකොට, ඒකේ නිකම්ම ඇතුළත් කෙරෙන්නේ සුදුසුකම් සහ විස්තර විතරයි, හරියට ජීව දත්ත සටහනක් ලියනවා වගේ. හැබැයි මේ ට්‍රෙන්ඩ්ස් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට, දැන් කාලේ ජීව දත්ත සටහනක් වුණත් වඩාත් ඉන්ටරෙස්ටින්ග් වෙන තරමට වාසියි. ඒ නිසා, Linkedin එකවුන්ට් එක ඇතුළේ ඔබ සම්බන්ධයෙන් සියලුම වෘත්තිය තොරතුරු සහ සුදුසුකම් තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒවා නිකම්ම ලැයිස්තුගත වෙනවට වඩා, ඔබ ගැන කතාවක් කියන්න අවශ්‍යයි. ආන්න ඒ කතාව ඉන්ටරෙස්ටින්ග් වෙන තරමට, ඔබව රැකියාවක් සඳහා තෝරාගන්න ඉඩ කඩ වැඩි වෙනවා. උදාහරණයක් විදියට, ඔබේ කවර් ෆොටෝ එක පවා ඔබේ ප්‍රොෆෙෂන් එකට ගැලපෙන විදියට ඇතුළත් කරන්න. ඒ වගේම, ඔබේ කලින් අත්දැකීම්න් ගැන ලියනකොට ඒක ඉන්ටරෙස්ටින්ග් කතාවක් විදියට ඇතුළත් කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here