චන්නට තනතුරක්..

0
14

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපතිධුරයට මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී තේරී පත්විය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න අනුශාසකවරු ලෙසද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන උපසභාපතිවරු ලෙසද වෛද්‍ය තිලක් රාජපක්ෂ කැඳවුම්කරු ලෙසද, වෛද්‍ය උපුල් ගලප්පත්ති නියෝජ්‍ය කැඳවුම්කරු ලෙසද තේරී පත් විය.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳ බිඳ වැටී තිබුණු විශ්වාසය කෙටි කලකින් යළි තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගත් උත්සාහය මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තුවරු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ද සාමාජිකත්වය දරයි.

– Repoter

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here