ඩොලරය බැස්සත් මිල අඩු වී නැතැයි ඉදිකිරීම්කරුවන්ගෙන් චෝදනා

0
20

ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල අඩුවී නොමැති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.

අධික මිල ගණන් යටතේ අලෙවි වන භාණ්ඩ මිල ගණන් පිළිබඳ වෙළඳ අමාත්‍යංශය මැදිහත් විය යුතු බවයි ඔහු කියා සිටියේ.  

new2023 voice · SUSANTHA 02

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ රුපියල් 2,700ක මිලක් යටතේ පවතින සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500ක මිලට පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාවක් පවතින බවද ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි වැඩිදුරටත් පැවසුවා. 

new2023 voice · SUSANTHA 02

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 291යි ශත 87ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 301යි ශත 29ක් ලෙසත් ඊයේ දිනයේ සටහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here