තලෙයිබාන් ත්‍රස්තවාදීන් අතින් විනාශයට පත් වුණු බාමියන් ප්‍රතිමා – Saru News Media

0
8

අද අපි කතා කරන්න යන්නේ එක සංවේදී සිද්ධියක් ගැන. ඔයාලා දන්නවත් ඇති මේ සිද්ධිය ගැන. සමහරවිට මේ ගැන නොදන්න අයත් ඇති. අපි කියන්න යන්නේ මීට කලෙකට ඉහතදී තලෙයිබාන් ත්‍රස්තවාදීන් අතින් විනාශයට පත් වූ බාමියන් ප්‍රතිමා ගැනයි. 

 

මේ පිළිමවල දැන් ඉතිරිවෙලා තියෙන්නේ නටබුන් කිහිපයක් විතරයි. ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ ඉඳලා සැතපුම් අසූවක් විතර වයඹ පැත්තට වෙන්න හසාරජට් කියන ප්‍රදේශයේ බාමියන් නිම්නයේ කඳුබෑවුමක තමයි මේ ප්‍රතිමා පිහිටා තිබුණේ. මේ ප්‍රතිමා වලින් විශාලතම ප්‍රතිමාව අඩි 180ක් විතර උසයි. එය ලොව විශාලතම ප්‍රතිමාවලටත් එක්වෙනවා. ඒ වගේම මේ පිළිම ඉන්දියාවේ හිටපු කුශාන් රජවරුන් විසින් ඉදිකරන ලදැයි කියලා තමයි පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ. 

 

මේකට ආභාෂය ඇවිත් තියෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජුගෙ කාලයේ කියලත් ජනප්‍රවාද වල තියෙනවා. ඇලෙක්සැන්ඩර් රජුත් එක්ක ආව ග්‍රීක කණ්ඩායමක් ඉන්දියාවට උතුරින්, ඒ කියන්නෙ ඇෆ්ගනිස්ථානයේ මේ බාමියන් නිම්නය ආශ්‍රිතව නැවතුණා කියල ජනප්‍රවාදවල තියෙනවා. ඒ කාලයේ ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව පාලනය කරපු නිසාත් ග්‍රීක ආභාෂය මේ බෞද්ධ ප්‍රතිමා නිමකිරීමේදී යොදාගෙන තියෙනව කියලත් කියනවා. මෙම ප්‍රතිමා ලංකාවේ බුදුරුවගල තියෙන පිළිමවලටත් සෘජුවම නොවුණත් සමහර සමානකම් පෙන්නනවා. ගාන්ධාර කලාවේ සම්භාව්‍ය ලක්ෂණ මිශ්‍ර වුණු ශෛලියක් මේ පිළිම නියෝජනය කරනවා කියලත් සමහරු අදහස් කරනවා…

 

අතීතයේ මේ අවට සේද මාවතක් විදියටයි හඳුන්වලා තියෙන්නේ. මොකද චීනයේ රෙදිපිළි යුරෝපයට ප්‍රවාහනය කළේ මේ මාවතේ කියලත් ජනප්‍රවාද වල තියෙනවා. තව මේ පිළිම මෙච්චර වටින්නේ සහ සාමාන්‍ය පිළිමවලට වඩා වෙනස් වෙන්නේ මේ පිළිමවල මතුපිට පිදුරු සහ මැටි යොදාගෙන කරන ලද සුමට ආවරණය නිසා සහ පාද, දෑස්, මුහුණ විවිධ වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන නිසායි. අතීත චීන භික්ෂූන්ගේ සංචාරක සටහන් වලත් මේ ප්‍රතිමා ගැන සටහන් වෙලා තියෙනවා…

 

මේ විශාල ප්‍රහාරයට කලින් ගොඩාක් ඉස්සර මේ ප්‍රතිමා වලට විවිධ පුද්ගලයින් හානිකරලා තියෙනවා. මූගල් අධිරාජ්‍යයෙක් වුණ ගෙන්ගීස් ඛාන් මුලින්ම මේ ප්‍රතිමා වලට ප්‍රහාරයක් එල්ල කරනවා. 1618 දී ඇෆ්ගනිස්ථානය පාලනය කරපු ඉස්ලාම් මූලධර්මවාදියාත් මේ ප්‍රතිමාවලට හානි කරනවා. නඩා අෆ්කා කියන ඉස්ලාම් පාලකයා මෙය ගිනිතබා විනාශ කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. 1830 දී රහමන් නමින් හඳුන්වන අයෙකුත් මෙම ප්‍රතිමාවල මුහුණුවලට හානි සිදු කරනවා…

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here