දුම් බීමටත් සදාචාර සම්පන්න විදි තියෙනවා. ඒවා ඉගෙන ගන්න එක හැමෝටම වටිනවා – Saru News Media

0
31

දුම්පානය, නැතිනම් ස්මෝකින්ග් කියන්නේ ලෝකේ සෑහෙන්න විවාදාත්මක මාතෘකාවක්. ඒකට හොඳ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් දුම්බීම සම්බන්ධයෙන් මිනිස්සු සෑහෙන්න දෙපැත්තට බෙදිලා ඉන්නවනේ. ඒක ස්වභාවිකයි. හැබැයි දුම්බීම සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ බෙදීම සෑහෙන්න ධ්‍රැවීකරණය වෙලා තියෙන්නේ. වෙනත් විදියකට කිවුවොත්, දුම් නොබොන මිනිස්සු ගොඩක් වෙලාවට දුම් බීමට මාරාන්තිකවම විරුද්ධයි විතරක් නෙවෙයි, දුම් බොන මිනිස්සුන්වත් තරයේ පිළිකෙව් කරන තරමට ඒකට විරුද්ධයි. ඒකට එක හේතුවක් තමයි දුම් බොන එක ශරීර සෞඛ්‍යයට අතිශයින්ම අහිතකරයි කියලා මේ වෙනකොට ලෝකේ පුරාම පැතිරිලා තියෙන අදහස. අනික් පැත්තට ගත්තොත්, දුම් බොන අයගෙන් නම් දුම් නොබොන අයට ඒ තරම් අවුලක් නෑ. 

 

හරි, කොහොම වුණත් දුම් බොන එක හරිද වැරදිද වගේ දේවල් ගැන කතා කරන්න අපේ අදහසක් නෑ. හැබැයි එකක්: ලෝකේ වෙන ඕනම දේකට වගේ දුම්බීම සම්බන්ධයෙනුත් ඒක කරන්න ඕන හරි විදියක් තියෙනවා. ඒ කියන්නේ සිගරට් එක හරියට අල්ලගන්නේ කොහොමද වගේ කතන්දරයක් නෙවෙයි. ඊට වඩා දුම් බීමේදී තියෙන සදාචාරාත්මක සීමාවන් මොනවද, ආචාර ධාර්මිකව, තවත් කෙනෙක්ට කරදරයක් නොවී දුම් බොන්නේ කොහොමද වගේ කාරණා තියෙනවා. මේ කතා කරන්න යන්නේ ඒවා ගැන තමයි.

 

මේක ඉතින් හැමෝම දන්නවනේ. පබ්ලික් ප්ලේස් වල දුම්බීම තහනම්. ඒකට පොදු ප්‍රවාහනයත් අනිවාර්යයෙන්ම ඇතුළත්. ඒ වගේම වෙනත් ගොඩක් තැන්වල වුණත් අපිට හිතුණු ගමන් සිගරට් එකක් පත්තු කරගන්න බෑ. උදාහරණයක් විදියට අපි කියමු අපි කොහේ හරි ගෙයක් ඇතුළේ ඉන්නෙ කියලා. එතකොට අපිට ඉන්න තැනම ඉඳන් සිගරට් එකක් පත්තු කරගන්න බෑ. හරි විදිය තමයි ගෙයින් එළියට එන එක. ඒ වගේම සිගරට් එක පත්තු කරගන්න කලින් ගෙදර කෙනාගෙන් ඒක කමක් නැද්ද කියලා අහන එක. එතකොට ඔය රෙස්ටුරන්ට්, පබ් වගේ තැන් වලදී වුණත් ගොඩක් වෙලාවට ඉන්න තැනම ඉඳන් සිගරට් එක පත්තු කරගන්න බැහැ. එතන ඉන්න කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ස්මෝකින් ඒරියා එක කොහෙද කියලා. ඊට පස්සේ එතනට ගිහින් තමයි සිගරට් එක බොන්න ඕන.

 

මේක බොහොම වැදගත් කාරණාවක්. කිසිම මොහොතක වෙනත් කිසිම කෙනෙකුට සිගරට් එකක් හෝ වෙනත් මාධ්‍යයකින් දුම් බොන්න බලකරන්න බෑ. ඒක අතිශයින්ම වැරදි වැඩක්. අපි දකිනවා සමහර වෙලාවට දුම් බොන්නේ නැති කෙනෙක්ට වුණත් සමහරු සිගරට් එක දෙනවා. එපා කිව්වට සමහරු අහන්නෙත් නෑ. ඒ වගේම සමහර අවස්ථා වල තව කෙනෙක්ව වක්‍රාකාරයෙන් දුම් බොන්න පොළඹවනවා. ඒ කියන්නේ එක එක විදියේ කතා කියලා එහෙම. “අයියෝ කොල්ලෙක් නේද, සිගරට් එකක් ගහන්නෙ නැති කොල්ලෙක්ගෙන් වැඩක් තියෙනවද, සිගරට් එකක් බොන එකේ ආතල් එක ඉතින් පත්තු කරගෙනම බලන්න ඕන”. මෙන්න මේ වගේ නොයෙක් කතා කියලා බල කිරීම් කරන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම සදාචාර සම්පන්න නොවන කාරණයක්.

 

ඔබ දුම්බොන්නෙක් නම් ඔබේ දුම්කොළ රැගෙන එන්න කියල පුරාණේ ඉඳන්ම දුම්බොන ඉරිසින්නාන්න්සෙලා කියලා නෑ. හැබැයි ඒක දුම්බොන කෙනෙක් පිළිපදින්න ඕන ආචාර ධර්මයක්. ඒ කියන්නේ තමන් දුම් බොන මනුස්සයෙක් නම් තමන්ගේ සිගරට් අරගෙන එන එක. එහෙම නැතුව ඕනම තැනකට ගිහින් වෙන කෙනෙක්ගෙන් පිනට බොන එක හරි නෑ. හැබැයි එහෙම තමන්ගේ සිගරට් අරගෙන යන හාදයෙක් නම්, වඩා හොඳයි ඒකට හොඳ සිගරට් කේස් එකක් තියාගන්න එක.

 

ඒ වගේම, කරුණාකරලා දුම් බොනවා නම් තමන්ගේ ලයිටරයක් හෝ ගිනිකූරු පෙට්ටියකුත් ලඟ තියාගන්න. එහෙම නැතුව ගින්දර නැද්ද කිය කියා හතරවටේට වාත වෙන එක අප්සට්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here