දෙන්නත් එක්ක එකට වැලක් බලමුද? මෙන්න ඒකට උපදෙස් කීපයක්! – Saru News Media

0
31

දැන් පහුගිය දවස් වල සෑහෙන්න රාවයක් ගියානෙ බ්ලූ බැලුවොත් එහෙම කෙලින්ම ගෙදරට පොලිසියෙන් එනව කියලා. ඒක ඉතින් බොරු වුණත්, ඇත්තටම ඔය කසාද බැඳපු ඇත්තො එහෙම බ්ලූ එකක් බලන්න දෙන කොමාන්ඩෝ ගේම්ස් ගැන අහනකොටත් දුක හිතෙනවා. ඇයි? සමහර නෝනලා එහෙම අතිශයින්ම විරුද්ධයි නෙව ඔය වැල බලන සීන් වලට. දැන් අහන්න එපා කසාද බැඳපු එවුන්ට මොකටද බ්ලූ ෆිල්ම්ස් කියලා. එව්වා තේරුම් කරගන්න කසාදයක් කරගෙනම බලන්න වෙයි.

 

හරි, දැන් අපි කියන්න යන්නේ එහෙම සීමා මායිම් බාධා නැති කපල් එකකට කොහොමද එකට ඉඳගෙන බ්ලූ ෆිල්ම් එකක් එහෙම නැතිනම් පෝර්නොග්‍රැෆි එකක් බලන්නේ කියලා තමයි. මොකටද එහෙම එව්වා එකට බලන්නේ කියලද දැන් හිතන්නේ? වෙන මක්කටවත් නෙවෙයි, දෙන්නත් එක්ක සෙක්ස් කරන්න කලින් හොඳ පූර්ව උත්තේජනයක් ලබාගන්න. එහෙම නැතිනම් අලුතින් කරන්න පුළුවන් දේවල් ගැන දෙන්නටම දැනුවත් වෙන්න. ඔය ඕනම දේකට වෙන්න පුළුවන්. මෙතනදී කසාද බැඳපු හෝ එකට ජීවත් වෙන කපල් එකක්ම වෙන්න ඕනැත් නෑ. තාම වෙන වෙනම ජීවත් වෙන පෙම්වතුන් යුවළකට වුණත් පුළුවන් තමන්ගේ සෙක්ස් ලයිෆ් එකට පොඩි රහක් එකතු කරගන්න සෙක්ස් වීඩියෝ කියලා සමහරු හඳුන්වන පෝර්නොග්‍රැෆි බලන්න. හැබැයි ඒක හරියට කරගන්නත් දැනගෙන ඉන්න ඕන. මේ ටිප්ස් කීපය අන්න ඒ හරියට කිරීම වෙනුවෙන් තමයි!

 

මේ කියන්නේ ගිහින් කොමියුනිකේෂන් එකකින් පෝර්න් වීඩියෝ ඉල්ලන්න කියල නෙවෙයි. තමන්ගේ පාට්නර් එක්ක පෝර්න් වීඩියෝ එකක් බලන්න හිතනවා නම්, ඒ ගැන හොඳ සන්නිවේදනයක් මුලින්ම අවශ්‍යයි කියන එක. ඒ සන්නිවේදනය කොයි වගේ ලෙවල් එකක තියෙන්න ඕනෙද කියන එක තීරණය වෙන්නේ පෝර්න් සම්බන්ධයෙන් පාර්ට්නර් ඉන්න තැන අනුව. ඒ කියන්නේ එයාට පෝර්න් පේන්න බැරි නම් ෂේප් එකේ වචනේ දාලා බලන්න පුළුවන්. හැබැයි එහෙම ස්වභාවිකවම පෝර්න් බලන්න අකමැති කෙනෙක්ට බලෙන් පෝර්න් පෙන්නන්න දඟලන්න එපා. පාට්‍නර් එහෙම කෙනෙක් නම් වැඩේ එතනින් අතෑරලා දාන්න. එහෙම නැති නම් ඉතින් කතා බහ කරලා වැඩේ පටන් ගන්න පුළුවන්.

 

මේ කතාබහේදී තමන් බලන්න කැමති මොන වගේ පෝර්න්ද, බලන්න කැමති කොයි විදියටද වගේ දේවලුත් කතා කරගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න, සෙක්ස් ලයිෆ් එක බෝරින් නම් ඒක ආයෙමත් නග්ගලා ගන්න පෝර්න් බලලා සෙක්ස් කරන එක අවුලක් නෑ. හැබැයි සෙක්ස් ලයිෆ් එකේ වෙන වෙන විදි වල ගැටළු තියෙනවා නම් ඒක විසඳගන්න පෝර්න් බලලා හරියන්නෙ නෑ.

 

අපිට පෝර්න් බලන්න පුළුවන් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එකට හොඳ ෆ්ලේවර් එකක් එකතු කරගන්න. එහෙම නැතිනම් මොනවා හරි අළුත් සීන් එකක් ඉගෙන ගන්න. එහෙමත් නැතිනම් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්න අකමැති දෙයක් කරන්න පුළුවන්ද කියලා පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. ඔය පළවෙනි කාරණා දෙකම ගැටළුවක් නෑ. හැබැයි තුන්වෙනි කාරණාවේදී හොඳට මතක තියාගන්න, පූර්ණ විනිවිද භාවයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි කියලා. උදාහරණයක් විදියට අපි කියමු එක්කෙනෙක් කැමති නෑ මුඛ සංසර්ගයට. එතකොට අනික් කෙනාට පුළුවන් මුඛ සංසර්ගය තියෙන පෝර්න් වීඩියෝ එකක් දෙන්නත් එක්ක බලලා ඒ අවුල ලිහාගන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දීලා බලන්න. හැබැයි ඒක හිතේ තියාගෙන පෝර්න් එක පාට්නර්ට පෙන්නන්න යනවා වගේ එව්වා කරන්න එපා. “අපි මුඛ සංසර්ගය ගැන තියෙන පෝර්න් ක්ලිප්ස් බලලා ඔයා ඒකට කැමති වෙයිද කියලා බලමුද” වගේ තැනකින් තමයි පටන් ගන්න ඕන. නැතුව ඔය සැඟවුණු අරමුණු එක්ක දෙන්නත් එක්ක පෝර්න් බලන්න යන එකෙන් දෙන්නගේ සම්බන්ධතාවය වුණත් පළුදු වෙන්න පුළුවන්. 

 

අපි කියනවනේ සෙක්ස් වලට ලෑස්ති වෙන එක වඩාත් හොඳයි කියලා. එතකොට පෝර්න් බලන්නත් ඒ වගේම ලැහැස්තියක් තියෙන එක හොඳයි. ඒ කියන්නේ, පෝර්න් බලලා දෙන්නත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන්න යන්නෙ නැහැනේ. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ වෙන්නේ දෙන්නත් එක්ක සෙක්ස් කරන එක. ආන්න ඒ නිසා, පෝර්න් බලන්න සෙට් වෙන්න කලින්ම ඒකට ලැහැස්ති වෙන්න පුළුවන්. අවශ්‍ය නම් වොෂ් එකක් එහෙම දාලා, පහසු ඇඳුමක් කාරිය ඇඳගෙන, සෙක්ස් කරන්න අවශ්‍ය ඔය ලූබ් වගේ කළමනා එහෙම තියෙනවා නම් එව්වත් අත ලඟින් තියාගෙන, දොරවල් ජනෙල් එහෙමත් වහලා දාලා දෙන්නත් එක්ක පෝර්න් බලන වැඩේට එන්ටර් වෙන්න පුළුවන්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here