පසුගිය දශක 2ට සාපේක්ෂව යුරෝපයේ උෂ්ණත්වය ඉහළ යයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
18

පසුගිය දශක දෙකට සාපේක්ෂව මේ වන විට යුරෝපයේ උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ සංවිධානය නිවේදනය කරනවා.

මීට දශක දෙකකට පෙර අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පිරිසට වඩා වැඩි පිරිසක් මේ වන විට යුරෝපය තුළ මිය යන බව ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙනවා.

වර්තමානයේ දී යුරෝපයේ උෂ්ණත්වයේ ඉහළ යාම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි එම සංවිධානය සදහන් කරන්නේ.

එලෙස ඉහළ යන උෂ්ණත්වය මිනිස් සිරුරට දරා ගත නොහැකි මට්ටමට ළගා වෙමින් පවතින බවට ද ලෝක කාලගුණ සංවිධානය අනතුරු අගවනවා.

එමෙන්ම පසුගිය වසර අධික උෂ්ණ තරංග ඇති වු වැඩිම වසර ලෙස ද වාර්තා අතරට එක්වන බවයි එම සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here