පාතාල මර්දනයට විශේෂ පුහුණුව ලැබූ STF යතුරුපැදි කණ්ඩායමක් බස්නාහිරට සහ දකුණට

0
8

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලියක් කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී ඊයේ පැවැත්වුණා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී විසිර ගියේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායමයි.

යතුරුපැදි 48ක් සමග එම විශේෂ පුහුණුව හැදෑරූ යතුරුපැදිකරුවන් 96දෙනෙකු එම විසිර යාමේ පෙළපාලියට එක්ව තිබුණා.

මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණු ප්‍රදේශවල සිටින ජාවාරම්කරුවන් මර්දනය කිරීම මූලික අරමුණ වනවා.

මෙම අවස්ථාවට එක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේ ඕනෑම හදිසි අවස්ථාවක නිවැරදිව ගිනි අවි භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට හැකි බවයි. එවැනි නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

new2023 voice · TIRAN 01

අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී කියා සිටියා. 

new2023 voice · TIRAN 02

මෙහිදී අදහස් දැක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ පසුගිය වසරේ දත්ත අනුව පොලිස් ස්ථාන 607කින් පාතාල අපරාධ වාර්තා වී ඇත්තේ පොලිස් වසම් 62ක පමණක් බවයි. 

new2023 voice · IG DESHABANDU 01

විදේශගතව සිටින අපරාධකරුවන් සියල්ලටම මේ වන විට දැලක් එලා ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

new2023 voice · IG DESHABANDU 02

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here