වැරදි කරන්නේ නිලධාරීන්.. බැණුම් අහන්නේ අපි..

0
8

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ නිලධාරින් සිදු කරන එවැනි වැරිදි නිසා අවසානයේ ජනතාවගෙන් චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවයි.

අදවන විට ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද හෙතෙම පැවසීය.

ගම්පහ මහ නගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ මහ නගර සභාවේ ඊයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ගම්පහ මහ නගර සභාව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘතිවල තත්ත්වය මෙහිදී අමාත්‍යවරයා විසින් නාගරික ගම්පහ නාගරික කොමසාරිස් තුමියගෙන් විමසා සිටියේය. එහිදී නාගරික කොමසාරිස්තුමිය කියා සිටියේ 2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති 33න් 15ක වැඩ මේ වනවිට අවසන් වී ඇති බවයි. 2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති මේ වසරේ මාස හතරක් ගතවන තුරු අවසන් කිරීමට නොහැකි වීම ගැන අමාත්‍යවරයාගේ අප්‍රසාදයට ලක් විය.

ඉතිරි නඩත්තු ව්‍යාපෘති පටන් ගන්නා දිනය අවසන් කරන දිනය කවදාදා යන්න පිළිබඳව තමන්ට ලබන සඳුදා වනවිට වාර්තාවක් ලබා දෙන ලෙසත් එම නඩත්තු ව්‍යාපෘතිය ජුනි මස අවසන් වීමට පෙර අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා ගම්පහ නාගරික කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

මෙම ව්‍යාපෘති පමා වීමට හේතුව නිළධාරීන්ගේ  දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිළධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිළධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

2023 වසරේදී ආරම්භ කළ මෙම නඩත්තු ව්‍යාපෘති අද වෙනකන් අවසන් කරලා නෑ. මේ ගැන මහජනතාව වගේම නගර සභාවේ හිටපු මහජන නියෝජිතයන්ගෙනුත් මට පැමිණිලි ලැබිලා තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here