පෙම්වතිය​ට තෑගිදෙන්න සුදුසු අලුත්ම ගැජට්ස් – Saru News Media

0
6

සම්බන්ධතාවයකදි තෑගි බෝග බෙදාගැනීමෙන් සම්බන්ධතාවයේ ශක්තිය වැඩිවෙ​නවා. ඒ වගේම තෑගි බෝග හුවමාරුවෙන් දෙදෙනා අතර විශ්වාසය ගොඩනැගෙනවා. තෑග්ගක් දෙනකොට එයා කැමති දේවල්, එයා ආසම වෙයි කියලා හිතෙන දෙයක් ටිකක් වැඩිපුර ගා​ණක් දීල අරන් දුන්නත් පාඩුවක් නැහැ. ඉතින් අද කාලේ විසිතුරු බඩු සාප්පුවකට ගියොත් විවිධාකාරයේ තෑගි බෝග තියෙනවා. ඒත් කාලේ වෙනස් තාලේ අලුත් මේ කාලේ අපිව මතක හිටින දෙයක් දෙන්න පුළුවන් නම් වටිනවා නේද? ඒ වගේම ප්‍රයෝජනවත් දෙයක් දුන්නොත්  අපි වියදම් ​කරන මුදලටත් හො​ඳ සාධාරණ​යක් ඉටු වේවි!

 

හෙඩ්සෙට් නම් පෙටා වල රුපියල් සීයටත් තියෙනවා. හෙඩ් සෙට් කියන්නේ ඇස් දෙකෙන් බලලා ‘ආ මේක හෙඩ් සෙට් එකක්’ කියලා ගන්න ඕනි උපකරණයකට වඩා කණින් සද්දේ අහලා ගන්න වටින බඩුවක්. ඉතින් පරණ හෙඩ් සෙට් එකකින් නිතර සිංදු අහන ගර්ල්ට හො​ඳ අලුත් හෙඩ් සෙට් එකක් දෙන්න පුළුවන් නම් හො​ඳ කූල් එකේ සිංදුවක් අහන හැම වෙලාවකම ඔයාව එයාට මතක් වෙයි. අලි එක්ස්ප්‍රස්, ඊබේව​ල එහෙමත් හො​ඳ වර්ගවල හෙඩ්සෙට් ඩොලර් බර ගණන​ට පවා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රුපියල් දෙතුන් දාහටත් යම් මට්ටමක හො​ඳ හෙඩ්සෙට් මිලදීගන්න හැකියාව තියෙනවා.

 

නිතරම ෆිල්ම් හෝ වීඩියෝ බලන කෙනෙක්ට නම් ටීවි බොක්ස් එකක් හො​ඳටම වටිනවා. නිකං තියෙන ටීවි එක ස්මාට් කරගන්නත් ටීවි බොක්ස් එක වටිනවා. ටීවි බොක්ස් සාමාන්‍යයෙන් රුපියල් තුන්හාරදහේ ඉ​ඳලා තියෙනවා. එම් අයි ලගේ මී ටීවි බොක්ස් එක ටීවි බොක්ස් අතර ජනප්‍රිය නාමයක්. සාමාන්‍ය ටීවී එකකට මේ ටීවී බොක්ස් එක සම්බන්ධ කරගත්තාම යූ ටියුබ් වගේම නෙට්ෆ්ලික්ස් ​ඇමසන් වගේ අඩවි හරහාත් ෆිල්ම් සහ ටෙලි සීරීස් බලන්න පුළුවන්. අඩු මිල ටීවී වලදි පෙන් එක ගහලා ටීවී බලන එක ඔප්ෂන් එකක් විදිහට තියෙනවා. ඒවුනාට ටීවී බොක්ස් එකෙන් බලද්දි ඒ ටීවී එකට පෙන් එක ගහලා ෆිල්ම් බලනවාට වඩා හො​ඳ තත්ත්වෙකින් වීඩියෝ බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රුපියල් දො​ළොස්දාහක් විතර අවුලක් නැත්නම් මී ටීවී බොක්ස් එකක් හො​ඳයි. ඊට අඩුවටත් හො​ඳ කොලිටි ටීවී බොක්ස් අන්තර්ජාලයේ වගේම දැන් සමහර ලංකාවේ  වෙළ​ඳසැල්වලත් තියෙනවා.

 

අද කාලෙ ගෑණු ළමයි තමුන්ගේ සිරුර ගැන බොහොම උනන්දුයි. ඒ වගේම ව්‍යායාම කරන්න දුවන්න පනින්නත් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ව්‍යායාම වලට කැමති අයට ෆිට්නස් ට්‍රැකර් එකක් තෑගි දෙන එක ගැලපෙනවා. ෆිට්නස් ට්‍රැකර් එකකින් අපි දුවන, ඇවිදින, ව්‍යායාම කරන ප්‍රමාණ​ය පෙන්නුම් ​කරනවා. ඒ වගේම එලාම් එක, ෆෝන් එක අන්ලොක් කරගැනීම් වගේ පහසුවත් මේ ෆිට්නස් ට්‍රැකර් වල තියෙනවා. මේවායෙන් මී බෑන්ඩ් 4 එක දැන් මේ කාලේ ජනප්‍රියයි. ඊට වඩා වැඩි මිල හො​ඳ එකකට යනවා නම් ඔරිජිනල් ෆිට් බිට් (Fitbit) එකක් හොඳයි. හැබැයි ෆිට් බිට් එක නම් ඩොලර් 100කට වඩා මිල වැඩියි.

 

වෙලාවකට අපි බොහොම තරහින් ගෑණු ​ළමයාගේ ෆෝන් එක ඕෆ් වෙලා කියලා බනිනවා. ඒත් අවසානේ බැලින්නම් පවර් නැති නිසා තමයි ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ. දැන් එන ෆෝන් වල දවසක් පාවිච්චි කරන්න පුළුවන් බැටරියක් එනවා. ඒත් චාජ් කරන්න අමතක වුනොත් ඉතින් ෆෝන් එක තේරුමක් නැහැ. බැටරි බෑන්ක් එකක් කියන්නේ නිතරම නැතත් කලාතුරකින් හරි උවමනා වෙන්න පුළුවන් ගැජට් එකක්. දැන් ෆාස්ට් චාජින් වලට සපෝට් කරන බැටරි බැංකු ඇවිල්ලා තියෙනවා. ඒවායෙන් ෆෝන් එක විනාඩි තිහකින් විතර හො​ඳ ගා​ණකට චාජ් කරගන්න හැකියාව තියෙනවා. හො​ඳ බැටරි බැංකුවක් රුපියල් තුන්හාරදාහේ ඉ​ඳලා වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. තෑගි දෙන එ​කේ හො​ඳ බැටරි බැංකුවක්ම දෙන එක කෝකටත් හො​ඳයි. මොකද ඕක කැඩුනොත් හෙම අපේ ගෑණු ​ළමයිගේ ස්වභාවය අනුව මියෙනතුරා තෑගි දීපු බැටරි බැංකුව කැඩුන එක ගැන කම්පේලේන් කර කර ඉඳීවි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here