බබාට සීරියල් ගෙදරදීම හදාගන්න විදි 7 – Saru News Media

0
2

මාස 6 පැන්නම මව්කිරි එක්ක බබාලට ඝන ආහාර දෙන්න ගන්නවනෙ… බත් හා අනික් එළවළු බ්ලෙන්ඩ් කරලා දෙන අතරෙ සීරියල් දවසින් දවස රස වෙනස් කරලා දෙනකොට බබාලා ආසාවෙන් කයි. ඉතින් කඩෙන් අරන් සීරියල් දෙනවට වඩා ගෙදරදිම වෙනස් රසවලින් හදලා තියාගන්න එක පොඩි බබෙක් ඉන්න අම්මෙක්ට සෑහෙන්න පහසු නිසා ඔන්න අපි සීරියල් ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න හිතුවා. මේක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් අනික් අයටත් ශෙයා කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :-
‍රතුකැකුළු හාල් කෝප්ප 1/2
සුවඳැල් හාල් කෝප්ප 1/2

හාල් ටික හොඳට සෝදලා පැයක් පෙඟෙන්න තියන්න.දැන් වතුර හොඳට බේරලා පෑන් එකට දාලා රෝස්ට් කරගන්න.ලාවට රන්වන්පාට වේගෙන එනකොට ලිපෙන් බාලා නිවෙන්න තියන්න.ඊළඟට මේක පිටි වෙනකල් ග්‍රයින්ඩ් කරගන්න.ඊළඟට පෙනේරෙකින් හලලා එයා-ටයිට් කන්ටේනර් එකක දාලා සති 6ක් තියාගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
ස්ටීල් කට් ඕට්මීල් කෝප්ප 1/2
රතු හබල පෙති කෝප්ප 1/2
කඩල පරිප්පු කෝප්ප 1/4

කඩල පරිප්පු සෝදලා පෑන් එකකට දාලා බැදගන්න.හබල පෙති ටිකත් සෝදලා පෑන් එකට දාලා වතුර ඉවත් වෙනකල් බැදගන්න.ඕට්ස් ටික සේදීමට අවශ්‍ය නෑ.හොඳට ග්‍රයින්ඩ් කරගන්න.ඒ විදියටම කඩල පරිප්පු හා හබල පෙති ටිකත් ග්‍රයින්ඩ් කරගන්න.දැන් කුඩුකරගත් සියල්ලම එකට කලවම් කරලා පෙනේරෙකින් හලාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :-
කව්පි කෝප්ප 1/2
රතු කැකුළු හාල් කෝප්ප 1/2
කුරක්කන් ඇට කෝප්ප 1/4
ආමන්ඩ් ඇට කිහිපයක්

මේ සියල්ලම හොඳට සෝදලා කබලෙ බැදගන්න.දැන් මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගෙන හලාගන්න.ආමන්ඩ් නැතිනම් කජු හෝ රටකජු දාන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :-
සුවඳැල් හාල් කෝප්ප 1/4
ඉරිඟු ඇට කෝප්ප 1/2

හාල් හා ඉරිඟු ටික හොඳට සෝදලා වතුර බේරෙන්න තියන්න.ඊළඟට මේ ටික හොඳට රෝස්ට් කරලා නිවෙන්න තියන්න.නිවුනට පස්සෙ පිටි වෙනකල් ග්‍රයින්ඩ් කරගන්න.කැමතිනම් හලලා එයා-ටයිට් කන්ටේනර් එකක දාගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :-
සුවඳැල් හාල් කෝප්ප 1/4
පරිප්පු කෝප්ප 1/4
මුංඇට කෝප්ප 1/4
සුදු කව්පි කෝප්ප 1/4
රතු කව්පි කෝප්ප 1/4
කඩල කෝප්ප 1/4

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here