මත්තල කළමනාකාරීත්වයට ඉන්දීය රුසියා සමාගම් දෙකක් – Saru News Media | Sri Lanka Business News

0
20

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-01-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර, ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකරණය ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt) Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායයක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා පැවරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here