මයික්‍රොසොෆ්ට් එක්සෙල් වල ඇති වාසි ගැන දන්නවද? – Saru News Media

0
6

දත්ත, එහෙම නැතිනම් ඩේටා කිව්ව ගමන් පසුගිය සියවසේදි අපිට මතක් වුණේ පොත්පත්, ලියකියවිලි ආදිය. ඒත් අද වෙද්දි දත්ත කිව්ව ගමන් අපේ ඔළුවට කොම්පියුටරය සහ ජාල පහසුකම් එනවා. ඒ තරමට දත්ත සහ කම්පියුටර අතර සම්බන්ධකමක් තියෙනවා. මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලින් කරන්නේ මූලිකවම අපි ලියන කියන දේවල් පහසුවෙන් සැකසීම. ඒක හැඳින්වීම ටිකක් ලේසියි. ඒත් එක්සෙල් කියන්නේ ඊට වඩා ලොකු පරාසයක තියෙන ඇප්ලිකේෂන් එකක්. මූලික වශයෙන් අපේ ළඟ තියෙන බඩු මුට්ටු, අපේ වියදම් ගැන දත්ත එකතු කරගන්න එක්සෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම  සුවිශාල ආයතනවල වුණත් කටයුතු වලට එක්සෙල් සහ එක්සෙල් වල ෆන්ක්ශන් ෆීචර්ස් ආදිය තාමත් පාවිච්චි කරනවා. ඉතින් එක්සෙල් ඇයි මෙච්චර ජනප්‍රිය සහ ඇයි එක්සෙල් මෙච්චරම මිනිස්සුට සමීප වුණේ කියලා අපි කරුණු ටිකකින් ඔයාලව දැනුවත් කරන්න හිතුවා. 

 

1980 ගණන්වල තමයි මුලින්ම පරිගණකය ගෘහස්ත සහ ආයතනික පාවිච්චියට එන්නේ. ඒ ආපු කාලේ ඉඳලා තිබුණ සුපිරි ඇප්ලිකේෂන් එකක් තමයි එක්සෙල්. එක්සෙල් පාවිච්චි වෙන්න කලින් 1990ට කලින් ලෝකේ ගොඩක් ආයතනවල මහ පොත් වල තමයි දත්ත එකතු කෙරුණේ. ඒ දත්ත ඉන්පස්සේ මැනුවලි හැන්ඩ්ල් කරන්නට සිදු වුණා. ඒත් දැන් එක්සෙල් නැති කම්පියුටරයක්, එක්සෙල් වලින් වැඩ ගන්නේ නැති ආයතනයක් සොයාගන්න අමාරු වෙලා. ඒ එක්ක ඒ 1900 ගණන්වල දත්ත හැසිරවීමට වඩා අපේ ගෘහස්ථ සහ ආයතනික පාවිච්චිය එක්සෙල් වලින් වෙනස් කරලා තියෙනවා. අද වෙද්දි දත්ත හැසිරවීම කියන කාරණය ලෝක මට්ටමින්, විශාල මෘදුකාංගවලින් සිදුකළත් තාමත් අපේ පුද්ගලික වැඩ වගේම ආයතනික පොඩි පොඩි වැඩ වලටත් හරි හරියට එක්සෙල් පාවිච්චි වෙනවා. 

 

එක්සෙල් කියන්නේ බොහොම සරල යෙදවුමක්. ඒ නිසා පොඩි ළමයෙක්ට වුණත් සරලව තේරෙන විදිහට එක්සෙල් වලින් දත්ත එකතු කරගන්න සහ හසුරුවාගන්න අපිට පුළුවන්. එක්සෙල් වල නූතනයේ දත්ත ඉදිරිපත් කිරීමේ වැඩිදියුණු කිරීම් ගොඩක් තියෙනවා. ඒ නිසා ප්‍රසන්ටේශන් ආදියට හැමෝටම තේරෙන්න දත්ත ඉදිරිපත් කරන්නත් එක්සෙල් පාවිච්චි කරන්නට පුළුවන්කම ලැබිල තියෙනවා. එක්සෙල් වල තියෙන දත්ත වඩාත් ආකර්ෂණීය ලෙස සකසාගන්න පුළුවන් වගේම අපිට වැඩ කරන්නට ලැබෙන වර්ක් ෂීට්ස් ආදියත් අපේ කැමැත්ත අනුව සකසා ගන්නට හැකියාව තියෙනවා. 

 

ගූග්ල් ෂීට්ස්, ඕපන් ඔෆිස්, ලිබ්‍රෙ ඔෆිස් ආදී ඕනිම ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේශන් එකකින් එම්එස් එක්සෙල් ෆයිල් ඕපන් වෙනවා. අපි හිතමු කම්පියුටරයක හෝ ෆෝන් එකක එක්සෙල් ඇප් එක නැති අවස්ථාවක්. එහෙම අවස්ථාවක වුණත් ගූග්ල් ෂීට්ස් වගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් හරහා එක්සෙල් ඕපන් කරගන්න පුළුවන්. අද තිබෙන ඔන්ලයින් ගූග්ල් ෂීට්ස් සහ මයික්‍රොසොෆ්ට් 365 ආදී ඔන්ලයින් එක්සෙල් නිසා කිහිප දෙනෙකුට එකවර එක්සෙල් ෂීට්ස් පාවිච්චි කරන්න තියෙන පහසුකම වැඩිදියුණු වෙලා තියෙනවා. මේ සුලභතාවය නිසා අපිට එක්සෙල් වල දාගත්ත ඩේටා ටිකක් ලෝකේ ඕනිම කෙළවරකදි ඕපන් කරගෙන, ඒ දත්ත හසුරුවාගන්න හැකියාව ලැබිලා තියෙනවා. 

 

අපිට එක්සෙල් හරියට පිහියක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදරක තියෙන පිහියක් අපි අවශ්‍යතාවයන් ගණනාවකට කිසි ගේමක් නැතුව පාවිච්චි කරනවා. එක්සෙලුත් ඒ වගේ. බිස්නස් වැඩට වගේම ගෙදර දොර වියදම් බලාගන්න, ගමනක් ප්ලෑන් කරගන්න, අපි ළඟ තියෙන බඩු බාහිරාදිය ලැයිස්තුගත කරන්න වගේ කාර්යයන් වලටත් එක්සෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ අධ්‍යාපනික සහ ඔෆිස් වැඩට ඩේටා වලින් වගු ප්‍රස්ථාර ආදිය වැඩිමනක් හදනවා නම් ඒ වැඩටත් එක්සෙල් සුපිරි. ඉතින් මේ වැඩවලට අපිට එක එක වර්ගයේ ටෙම්ප්ලේට් පාවිච්චි කරන්න පුළුවන්. ටෙම්ප්ලේට් වලදි අපිට ඒ අදාළ කාර්යයට අදාළව සැකසූ ෂීට්ස් ලැබෙනවා. ඒ හරහා අපිට දත්ත ඇතුළත් කරලා ඒ කාර්යයට අදාළ අවුට්පුට් එක ලබාගන්න පුළුවන්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here