මේ අර්බුද කාලේ කුස්සියේ පිරිමැස්මට ටිප්ස් 10ක් – Saru News Media

0
11

අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේක කාටත් අමාරු කාලයක්. ඉතින් සීරුවෙන් ජිවිතේ ගෙවන්න වෙලා තියන අපිට කුස්සිය කළමණාකරනය කරගන්න එක සෑහෙන වැදගත්. අද අපි කියන්න යන්නෙ මේ කාලේ අපි කොහොමද ටිකක් වැඩිපුර අරපිරිමැස්මෙන් කටයුතු කරන්නෙ කියලා…

එළවළු ගෙනල්ලා එහෙම්මම ෆ්‍රිජ් එකට දාන්නෙ නැතුව එළවළු හොඳට සෝදලා වෙන් කරලා පැකට් වලට හෝ බොක්ස් වලට දාලා කැමති නම් කපලාම සිප්ලොක් බෑග් වල දාලා ෆ්‍රිජ් එකට දාගන්න. අමුමිරිස් නැටි කපලා බොක්ස් එකක දාලා ෆ්‍රිජ් දාන්න. කරපිංචා හොඳට සෝදලා කොළ ටික බොක්ස් එකක දාලා ෆ්‍රිජ් එකට දාන්න. මාසයක් උනත් තියාගන්න පුලුවන්.
ඒ විදියට් ෆ්‍රිජ් එකට එළවළු ඕගනයිස් කරන විදිය අපි කලින් ආටිකල් එකකින් ගෙනාවා. මතක අයත් ඇති.

ගෑසුත් නැති එකේ එකපාර උයන මාළුපිණි යෙදලා ලිප පත්තු කරන් ඉක්මනින් උයාගන්න. එකම වලඳක උයලා වෙන ඒවට අස්කරලා ඒ වලඳම ලිපේ තිබ්බනන් ඉක්මනින් උයාගන්න පුලුවන්. මොකද මැටි වලං රත්වෙන්නත් ටිකක් වෙලා යනවනේ.. ගෑස් නැති නිසා දර, භූමිතෙල් ලිපක්, කුඩු ලිපක් වගේ විකල්පයක් හදාගන්න පුලුවන් නම් ඔයාට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි.

රයිස් කුකර් එකේ බත් එක ගහලා උඩ ස්ටීමර් එක තියලා ඒක උඩ එළවළු යෙදලා භාජනයකට දාලා තිබ්බනම් තම්බගන්න පුලුවන්. ඊට පස්සෙ කිරි හෝ තෙල් දාන එක ලිපට තියලා ඉක්මනින්ම ව්‍යෑංජන හදාගන්න පුලුවන්. බිත්තර උනත් ස්ටීමර් එකේ තම්බගන්න පුලුවන්. දර ලිපක් හදාගන්නම බැරි නම් මුලින්ම ව්‍යෑංජන ටික රයිස් කුකර් එකේ හදලා අන්‍තිමට බත් එක හදාගන්න. රයිස් කුකර් කිව්වට මේක අපිට මල්ටි කුකර් එකක් කරගන්නත් බැරිකමක් නෑ.

බල්ක් කුකින් කරන්න හොඳම කාලේ. ගින්දර, තෙල්, තුනපහ ඉතිරි කරගන්න පුලුවන්. සතියටම අවශ්‍ය කෑම එකපාර හදලා වෙන් කරලා භාජන වල දාලා ෆ්‍රීස් කරගන්න. කල් තියාගන්න පුලුවන් චට්නි, ඇඹුල්තියල, අච්චාරු වගේ හදලා බෝතල්වල දාගන්න.

ඔයා පොල් අතේ මිරිකන කෙනෙක් නම් පොල්කුඩු ටික එකතු කරලා ටිකක් එකතු උනාම හොඳ පොල් ටිකකුත් දාලා පොල්තෙල් හිඳගන්න පුලුවන්. ඉතිරිවෙන පොල්කුඩු වලින් කුස්සියෙ බිම පිරිසිදු කරගන්න පුලුවන්.

ඉතුරු බත් වේලලා තියාගන්න. අග්ගලා හෝ තේ වෙලාවට සුදුසු කෑම හදන්න පුලුවන්. කාලෙන් කාලෙට අතිරික්ත වෙන කොස් , දෙල්, දෙහි වගේ දේවල් වේලලා ලුණුදෙහි හා අනික් කෑම හදන්නත් කෑම හිඟ කාලෙදි ප්‍රයෝජනයට ගන්නත් පුලුවන්.

කිරිපිටි භාවිතය අවම කරන්න. ඒ වෙනුවට ස්වභාවික පාන වර්ග දරුවන්ට පුරුදු කරන්න. රනවරා, බාර්ලි, බෙලිමල්, අලිගැටපේර තේ වගේ ගුණදායක දේවල් දවසින් දවස මාරු කරලා හදන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here