මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්ක සමුළුව පසුගිය දා
පවත්වනු ලැබුවා.
එහිදි අදහස් දැක්වු එම පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්න එක්සත් මහජන පක්ෂයේ දර්ශනය සහ පක්ෂයේ දැක්ම පිළිබඳව අදහස් දැක්වීය.
ඉදිරි ජනාදිපතිවරණයේ දී ජයගන්නා අපේක්ෂකයාගේ සලකුණ ඇමති ටිරාන් අලස්ගේ පක්ෂයක සලකුණ විය හැකි බවට ද එම පක්ෂයේ දේශපාලන ලේකම්වරයා ඉඟි පළ කළේය.
එහිදී ඔහු මෙසේ අදහස් දැක්විය.
දේශපාලන ඉතිහාසය
අපි දන්නවා මේ ප්‍රදේශයේ දේශපාලන ඉතිහාසය ගත්තොත් 1920 ගණන්වල ඉතිහාසය දක්වා ඇත්තට දිව යනවා. මං හිතන්නේ ඉන්දියාවේ පුවත්පත් කලාවේදියෙක් වෙච්ච නඩේස් අයියර් මහත්මයා තමයි ඇවිල්ලා මේ ප්‍රදේශයන්වල සංවිධානාත්මකව දේශපාලනය කිරීමේ වැදගත්කම පිළිබඳව කතා කළේ. ඊට පස්සේ එතනින් පස්සේ පෙරී සුන්දරම් මහත්මයා, වෛද්‍යලිංගම් මහත්මයා, ඊට පස්සේ මං හිතන්නේ 1933 දී ජවහල්ලාල් නේරු මහත්මයත් මෙහෙට ඇවිල්ලා මේ ප්‍රජාවගේ දේශපාලන ශක්තියේ ඒ කියන්නේ මේ එකතුවකින් ගොඩනගන්න පුළුවන් ශක්තිය පිළිබඳ සාකච්ඡා කළා.
ඒ වගේම හිතනවා එතනින් පස්සේ මේ ඔබේ ප්‍රදේශයේ දේශපාලනය තුළ ඉතා ප්‍රචලිත නායකයෙක් වෙච්ච සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහත්මයා 1924 දී ලංකාවට ඇවිල්ලා 43දි කොංග්‍රස් එකේ නායකයා බවට පත්වෙනවා.
පක්ෂයේ මුලික කාරණා
බොහෝ පක්ෂවල නායකයෝ ලංකාවේ මිනිස්සුන්ට අපි ගත්තොත් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වගේ දේවල් ලංකාවට දීලා තියෙනවා. ඒවා භුක්ති වින්දේ ඔබ අප සියලු දෙනා තමයි ඒවා භුක්ති විඳින්නේ. ඒ නිසා ඒ වගේ මතවාදයකට ප්‍රශ්නයක් විදියට අපි නැහැ. අපට අවශ්‍ය වෙන්නේ ඉතිහාසයේ දේශපාලන පක්ෂ කරපු හොඳ දේවල් ටික එකට එකතු කරගෙන ඒ වගේම ඒ කරපු වැරදි දේවල් ටික පැත්තකින් තියාගෙන අපිට නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට තමයි මේ කාල වකවානුවේදී එක්සත් මහජන පක්ෂය විදිහට අපි ඔබ වෙතට ඇවිල්ලා තියෙන්නේ.
අපේ පක්ෂයේ ප්‍රධාන තේමා පාඨය බවට පත්වෙන්නේ ”මහජනතාව වෙතම පියනගනමු” කියන කාරණාව, අපි ජනතාව වෙතම පිය නගන්නෙමු කියන කාරණාව, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක මේ වගේ සටන් පාඨයක් ඇත්තේ නෑ.
හැබැයි මම එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා ඒක හඳුනාගත්තට නායකයෙක් විදිහට තමයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්මයා අපි වගේ කණ්ඩායම්වලට කතා කරලා පක්ෂය පවුලකට කොටු කරන්නැතුව එක්තරා පැලැන්තියකට කොටු කරන්නැතුව මේ රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටි තරුණ ප්‍රජාවකට ආරාධනා කරලා මේ පක්ෂයේ වැඩ කටයුතු භාර දුන්නේ.ඒ නිසා තමයි අපි ඒ විශ්වාසයත් එක්ක ඒ වගේම එතුමා පහුගිය කාලයේදී ඇති කරපු ශක්තියත් එක්ක.
සරල උදාහරණයක් ගන්නම්, අපි ගත්තොත් මේ සිරිපාදි වගේ පැත්තකට ගියොත් එහෙම මේ පරිසරය රකින්න ඕනේ වගේ කතා අපි කියනවා හැබැයි පොලිතීන් පාලාස්ටික් දාලා යන්නේ මිනිස්සු, ඒක මේ කවුරුත් ගිහිල්ලා පාලකයෝ කියලා දාලා නැහැ. ඒ නිසා අපි පක්ෂයක් හැටියට ගොඩක් දුරට උත්සාහ කරන්නේ ලංකාවේ අනාගත ප්‍රජාව සහ මේ මිනිස්සු කොහොමද මේ ක්‍රියාවලිය තුළ වෙනස් කරන්නේ කියන කාරණාවට තමයි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරන්න.
මොකද හැමදාමත් එක්තරා පිරිසකට ඇඟිල්ල දික් කිරීමෙන් මං හිතන්නේ නෑ අපිට රටක් හදන්න පුළුවන් කියලා. එනිසා මේ පක්ෂය අනාගතයේ ගෙනියන්නේ මෙතන ඉන්න මේ තරුණ ප්‍රජාවත් එක්ක එකට එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්නේ පාලකයින් වෙනස් කරමින් විතරක් නෙමෙයි අපිත් වෙනස් කරමින් කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම මෙතන ඉන්න දේශපාලනයට කැමති රට පාලන රටේ පාලනය වෙනස් වෙන්න ඕනි කියන හැම කෙනෙක්ගෙම හිත් ඇතුලේ මං හිතනවා ඒක පැලපදියම් වෙන්නට ඕන.
ඔබ සම්බන්ධ නොවී දේශපාලන ක්‍රමය වෙනස් කරන්න බැහැ
මොකද හේතුව මේ කිසිදු දෙයක් අනාගතයේ ඔබවත් මමවත් මෙතන ඉන්න ටිරාන් අලස් මහත්මයවත් මේ ජීවිතයෙන් සමුගන්න දවසකදී මේ කිසිවක් අරන් යන්නේ නෑ. ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව මේ රට වෙනස් කිරීමට ලැබුණු අවස්ථාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තොත් අපි ගමු තරුණයින්ට විවෘත කරාද නෑ. ඒක තියෙන්නේ පවුලක් වටේ, ඊට පස්සේ ගත්තොත් එහෙම සමග ජන බලවේගය ගන්නවා. ඒත් ගත්තොත් තියෙන්නේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් අතේ් ඒක කාටවත් දෙන්නේ නෑ. ඒ වගේම අනිත් පැත්තට අරගෙන බැලුවොත් ගොඩක් පක්ෂ වලට අද වෙලා තියෙන්නේ මේ පවුල් පාලනයක් ඇතුලේ ගිහිල්ල තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ.
ඒවගේ තරුණ සංගම් ගත්තත් ඔක්කොම ඉන්නේ ගොඩක් වෙලාවට දේශපාලන නායකයින්ගේ පුත්තු අපි උදාහරණයක් ගත්තොත් සමගි ජන බලවේගයේ් තරුණ සංගමය සභාපති මයන්ත දිසානායක මහත්මයා. ඒකෙ කිසිදු තනතුරක් කරන කිසිදු කෙනෙක් නෑ දේශපාලන පවුලකින් ආවේ නැති. ඒ නිසා අපිට මේ පක්ෂය තුළින් රට ගොඩනගන්න රටේ දේශපාලනයට දායක වෙන්න මෙතුමා අවස්ථාවක් අපිට ලබා දීලා තියෙනවා ඒ අවස්ථාව නුවරඑළියේ ඉන්න ඔබට බාරගන්න පුළුවන්, අපි ඒකෙදි ඔබත් එක්ක ඉන්නවා කියන කාරණාව මතක් කරනවා.
ඒ වගේම අපිට දේශපාලනය කරනකොට අලුත් අපි වගේ පක්ෂයකට ස්වර්ණමය අවස්ථාවන් උදාවෙනවා, අලුත් දේවල් opportunities අපිට ලැබෙනවා. මේ වෙලාව අපි වගේ පක්ෂයකට අපි මේ රටේ හැම තැනම යමින් යන ගමනේ නුවරඑළියට නුවරඑළියටත් මේ ඇවිල්ලා කියන්න උත්සාහ කරන්නේ මේ ස්වර්ණමය අවස්ථාවක් ඉදිරි කාලවකවානුවේදී උදාවෙනවා.
ප්‍රධාන මැතිවරණ හතරක්
එතකොට කවුද කියන්න ලංකාවේ ඊළඟට දේශපාලන බලය ලබා ගැනීමට ඉන්නේ, වතුකරේ ගන්නකෝ තමුන්නාන්සේලාගේ පැත්ත ගන්නකෝ. නේද ? කීයකට බෙදිලාද තියෙන්නේ? තොණ්ඩමන් මහත්තයාට තිබිච්ච දේශපාලන ඒකාධිකාරි බලය බෙදිලා බෙදිලා ගිහිල්ලා දැන් ඒක තමන්ගේ සැපත විතරක් වෙනුවෙන් කීදෙනෙක් පාවිච්චි කරනවද? මතක් කරන්න ඕනි ප්‍රධානම කාරණාවක් තමයි ලංකාවේ දේශපාලන පක්ෂ වලින් සැප වින්දේ ප්‍රධාන දේශපාල පක්ෂවල නායකයෝම විතරක් නෙවෙයි. මේ ප්‍රදේශයන් වල ජනතාවගේ ඡන්දය අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා පාර්ලිමේන්තුව එකක් දෙකක් තියාගත්ත ඒ දේශපාලඥයෝ තමයි අර ප්‍රබලම දේශපාලඥයින්ට වඩා ලංකාවේ දේශපාලනය තුළ සැප විඳින්නේ.
ඒක මං හිතන්නේ මම කියනවාට වඩා ඔබ දන්නවා, සුරේෂ් මහත්තයා මට කිව්වා මේ පැතිවලට අත්වෙලා තියෙන ඉරණම කිව්වා. ඒනිසා අපිට පක්ෂයක් හැටියට අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්න, අපි ඒ අවස්ථාව අතාරින්නේ නෑ. ඒ අවස්ථාව පක්ෂයක් හැටියට එතකොට ඔබ කල්පනා කරායි අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවද ? ඔව් අපිට ටිරාන් අලස් මහත්තයා ඉන්නවා.
එතුමා පහුගිය කාලේ යුක්තිය මෙහෙයුම හරහා ලංකාවේ කුඩු ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම නැති කරන්න විශාල මෙහෙයක් කරලා ජනප්‍රිය වෙච්ච නායකයෙක්.ඔබ ඒ හරහා ලංකාවට ඒ කියන්නේ මිනිස්සුන්ට විවේචන තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාව දන්නවා ඒ ක්‍රියාවලියේ තිබ්බ සාධනීය පැත්ත ගැන දන්නවා.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයාගේ සලකුණ
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් වන සලකුණ මේ මොබයිල් ෆෝන් එක බවට පත් වෙන්න පුළුවන් මොකද හේතුව smart නායකයෙක් එන්න ඕන smart ලාංජනයකින්.smart නායකයෙක් එනවා නම් එන්න ඕන ස්මාර්ට් ලාන්ක්ජනයකින්. ඒක අපි අනිවාර්යයෙන් මතක් කරනවා.
ඒ නිසා තමයි අපි ලංකාව පුරා මේ දේශපාලන රැස්වීම් ජාලාව පවත්වාගෙන යන්නේ. ඒ වගේම අනිත් පැත්තට, මතක් කරන්නට ඕනි කාරණය තමයි එතනින් පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණවලදී පළාත් සභා මැතිවරණ වලදී පළාත් පාලන මැතිවරණවලදී ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා එක පැත්තකින් මම දේශපාලන විද්‍යාව ගුරුවරයෙක් අවුරුදු ගානක් තිස්සේ උගන්නපු කෙනෙක් මට පේන දේශපාලන තත්ත්වය ගැනත් මං චුට්ටක් මතක් කියමින් මගේ කතාව අවසන් කරන්නම්.
Saru FM Media