මිලියන 1,000ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් අමරවීරට එන්තරවාසි

0
10

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයකින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මහින්ද අමරවීර වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් 22වනදා අමාත්‍ය මහින්ද අමරවීර විසින් මාධ්‍යයට සිදුකළ එම ප්‍රකාශය මඟින් තමන් දූෂණවලට සම්බන්ධ අයෙකු බවට මතයක් ගොඩනගා ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ එන්තරවාසියේ දැක්වෙන්නේ.

ඒ අනුව, දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවන ලෙසත් එය පැහැර හරිනු ලැබුවහොත් නඩු පවරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත යොමුකළ එන්තරවාසියේ සඳහන්.  
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here