ලෝකේ තියන අමුතු රසවලින් යුක්​ත අයිස්ක්‍රීම් වර්ග 7ක් – Saru News Media

0
3

අපි පොඩි කාලෙ ඉඳන් රස බලපු චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි වගේම දැන් නම් ප්‍රිමියම් අයිස්ක්‍රීම් වර්ග සෑහෙන්න තියෙනවා. එක එක රසින් එක එක ට්විස්ට් එක්ක එන අයිස්ක්‍රීම් හුඟක් තැන් වලින් අපිට රස බලන්න පුළුවන්. අද අපි අරන් ආවෙ මේ එක රසකටවත් ළං කරන්න බැරි අමුතුම රසින් හදන අයිස්ක්‍රීම් වර්ග ගැන. මේවයෙ නම ඇහුවත් නිකන් මොකද්දෝ අමුතු හැඟීමක් එන, මේ වෙනකොට ලෝකේ නිෂ්පාදනය වෙන අයිස්ක්‍රීම්‍ තමයි මේ. ඇතැම් අය නම් එක හෙලාම ප්‍රතික්ෂේප කළත් මේවට ප්‍රිය කරන උදවිය ගොඩක් ඉන්නවා. ඒ නිසානෙ ඉතින් මේව හදන්නෙත්. අපි බලමු මේ මොනාද කියලා. 

 

මේ අයිස්ක්‍රීම් එක අපිට එන්නෙ එංගලන්තයෙන්. බ්‍රිතාන්‍යයේ ප්‍රියතම ජාතික ආහාරයට කරන උපහාරයක් හැටියටයි Fredericks Diaries කියන මේ අයිස්ක්‍රීම් සමාගමෙන් මේ වගේ අයිස්ක්‍රීම් එකක් හදන්න හේතුවෙලා තියෙන්නෙ. ක්‍රීම් කරන ලද මෝර මාළු අයිස්ක්‍රීම් එක වට වෙලා තියෙන්නෙ වැනිලා හා ගම්මිරිස් රස බැටර් එකකින්. අල අයිස්ක්‍රීම් චිප්ස් එක්ක එන මේ අයිස්ක්‍රීම් එක පිළිගන්වන්නෙ විනාකිරි සහ ලුණු සීසනින්ග් එකකුත් එක්කයි. ඇහුවමත් අමුතුයි වගේ නේද?

 

The adventures of Tom Sawyer කතාව කියවලා තියන කෙනෙක් නම් ඔයා අනිවාර්​යෙන්ම ඔයිස්ටර් අයිස්ක්‍රීම් ගැන දන්නවා. අයිස්ක්‍රීම් එක හඳුන්වා දුන් කාලයේදි මේක හොයාගන්න ​අපහසු නිසා සහ හිඟ නිසා අති සුඛෝපබෝගී ආහාර ගණයට අයිති වෙලා තිබ්බ අයිස්ක්‍රීම් එකක්. 1800 ගණන් වලදි තමා මුලින්ම ධවල මන්දිරයේ ආර්‍යාවට පිළිගන්වලා තියෙන්නෙ. මේක සේවරි රස අයිස්ක්‍රීම් එකක්. මුහුදු බෙල්ලො හා ක්‍රීම් ඉතාම අඩු ගින්දරේ රත්කරලා, ෆ්‍රීස් කරලා තමා මේ අයිස්ක්‍රීම් එක හදන්නෙ. 

 

නම ඇහුවත් අමුත්තක් දැනෙනවා නේද? ඔව් ඔව් ඔයාට ඇහුන නම හරි. මේක පොකිරිස්සන්ගෙන් සහ වැනිලා වලින් හදන විශේෂ අයිස්ක්‍රීම් එකක්. මේ අමුතු අයිස්ක්‍රීම් එක ඇමරිකාවේ Maine වල Ben & Billy’s Chocolate Emporium වල තමා මුලින්ම හදලා තියෙන්නෙ. 1988 ඉඳල මේ වෙනකල්ම එයාලා මේ අයිස්ක්‍රීම් එක හදනවා. දූපතක තියෙන අකේඩියා ජාතික උද්‍යානයට එන සංචාරකයන් අතර මේ අයිස්ක්‍රීම් එක ඉතාම ජනප්‍රියයි. ඉතින් මේක කන්න එන අයට ලැබෙන අත්දැකීමත් මාරයි. 

 

මේ අමුතු අයිස්ක්‍රීම් එකත් හොයාගෙන තියෙන්නෙ ඇමරිකාවේ ඩෙන්වර් වල තියන ස්වීට් ඇක්ශන් අයිස්ක්‍රීම් පාලර් එකයි. ​අච්චාරු සහ අයිස්ක්‍රීම් කියන්නෙ ගර්භණී සමයේ ඉන්න කාන්තාවන් විශේෂයෙන් ආස රසයන් දෙකක් නිසාම, මේ අයිස්ක්‍රීම් එකට ගොඩක්ම ආස ගර්භණී මව්වරු කියලයි අපට ආරංචි උනේ. මේක හදන්නෙ ග්‍රීෂ්ම ඍතුවේ විතරක් නිසා මේ අයිස්ක්‍රීම් එකට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒ මේ අයිස්ක්‍රීම් එකටම ආවේණික වුණු සුවිශේෂී රසය නිසාමයි. හිතනකොට අමුතුයි වගේ දැනුණට මේක ඇත්තටම රස අයිස්ක්‍රීම් එකක් කියලයි කියන්නෙ නම්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here