ශ‍්‍රීපාද මළුවෙන් පැන්න තරුණයා මස්කෙලියේ තේ වත්තකින් මතුවේ..

0
10

පසු ගිය 19වන දින ශ්‍රිපාද මහාමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස් හේමන්ත යන අය ශ්‍රිපාද මහමළුව වන්දනා කිරිමෙන් පසුව ඔහු ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු බවත්ය.

එසේ අතුරු දහන්වු එම පුද්ගලයා සෙවිමේ කටයුතු ලක්ෂපාන යුද හමුදා කදවුරේ නිලධාරින් හා  නල්ලතන්නිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සෙවිමේ මෙහෙයුමක් ආරම්භ කලද ඔහු සොයා ගැනිමට නොහැකිවු බවත්ය.

එහෙත් එසේ අතුරුදහන්ව සිටි එම පුද්ගලයා 24වන දින සවස නල්ලතන්නිය රාජමලේ වතුයායේ සිටින අයුරු දුටු එම වතුයායේ පිරිසක් ඒ පිලිබදව නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම් දිමෙන් පසුව නල්ලතන්නිය පොලිසිය විසින් සිරිම් තුවාල ලබා ඇති එම පුද්ගලයා රැගෙන විත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය රෝහලට ඇතුලත් කල එම තුවාල ලැබු පුද්ගලයා වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here