සමට අහිතකර නැති ෆේස්වොෂ් එකක් ගෙදරදී හදමු – Saru News Media

0
5

මිල අධික රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා විශාල මුදලක් වැය නොකර ඔබේ සම පැහැපත් කිරීමට සරල, ඵලදායී ක්‍රමයක් සොයනවද? එයට පිළියමක් වන්නේ බේකින් සෝඩා කිව්වොත් ඔබ එකඟ වෙනවාද?

ෙබ්කිං සෝඩා ෆේස් වොෂ් වලට ඔබේ සමේ pH මට්ටම පිරිසිදු කිරීමට සහ සමතුලිත කිරීමට පුලුවන්. 

කොහොමද මේ ෆේස්වොෂ් එක හදා ගන්නේ?

අවශ්‍ය ද්‍රව්‍ය 

බේකිං සෝඩා තේ  හැන්දක්

ජලය 

මී පැණි ස්වල්පයක් 

Tea Tree oil (කුරුලෑ ඇති සම සඳහා) 

ලැවැන්ඩර් තෙල් (සංවේදී සමට)

සාදා ගන්නා ආකාරය

භාජනයකට බේකිං සෝඩා දමා ගන්න

ජලය එකතු කර පේස්ට් එකක් සාදා ගන්න

මී පැණි එක්කරන්න

ඔබේ සමට ගැළපෙන තෙල් වර්ගය එකතු කරන්න

ආලේප කරන අන්දම

මේ සාදා ගත් ෆේස් වොෂ් එක තෙත් කරගත් මුහුණ මත ආලේප කරන්න

මිනිත්තුවක් තිබෙන්නට හැර උණු ජලයෙන් සෝදා හරින්න.

පිරිසිදු තුවායකින් මුහුණ පිස දමන්න.

මෙය ඔබට සතියට දෙවාරයක් ආලේප කරන්නට පුලුවන්. මුල්ම වතාවේදී ස්වල්පයක් ගල්වා එය ඔබට අසාත්මිකදැයි පරීක්ෂා කිරීමත් වැදගත්.

වැදගත්

ඔබේ සම වියළි සමක් නම් තෙල් වර්ග ලෙස පොල් තෙල් හෝ ඔලිව් තෙල් මිශ්‍රණයට එකතු කරන්න.

ඔබේ සම සාමාන්‍ය සමක් නම් කිසිම තෙල් වර්ගයක් එකතු නොකර රෝස වතුර බිංදු කිහිපයක් එකතු කර ගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here