සියම් නිකායේ කොටස් ගැන දැනගන්න – Saru News Media

0
4

ලංකාවේ වර්තමානයේ පවතින අමරපුර, රාමඤ්ඤ සහ සියම් කියන නිකායන් අතරින් පැරණිතම නිකාය වෙන්නේ සියම් නිකායයි. සාමාන්‍ය ව්‍යවහාරයේ සියම් නිකාය කියා හැඳින්වූවාට මෙම නිකායේ නිවැරදි නාමය වන්නේ ශ්‍යාමෝපාලි නිකාය යන්නයි. එය ශ්‍යාම සහ උපාලි යන වචන දෙක එක් වී සෑදුනු වචනයක්. සියම් නිකාය ආරම්භ කිරීමට භික්ෂූන්වහන්සේ වැඩම කළ සියම් දේශය හෙවත් වර්තමාන තායිලන්තය හැඳින්වීමට භාවිතා කරන ශ්‍යාම යන වචනය සහ සඳහා ලංකාවට පැමිණි භික්ෂු පිරිසගේ පිරිසගේ ප්‍රධානත්වය දැරූ උපාලි හිමිපාණන්ගේ නම එක්වීමෙන් තමයි මේ වචනය හැදෙන්නේ. වර්තමාන සියම් නිකාය ආරම්භ කිරීමට මුල් වෙන්නේ බෝධිසත්වගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ ස්වාමීන්වහන්සේයි. අද අපි කතා කරන්න යන්නේ සියම් නිකාය බෙදිලා තිබෙන පාර්ශව පිළිබඳවයි.

 

 

සියම් නිකායේ පමණක් නොව වර්තමාන ලංකාවේත් පැරණිතම සංඝ සංස්ථාව විදිහට අස්ගිරි පාර්ශවය හඳුන්වන්න පුළුවන්. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව  අස්ගිරි පාර්ශවය ප්‍රභවය වෙන්නේ  පොළොන්නරු යුගයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තුළින්. මේ නිසා මහා විහාරය දක්වාම දිවෙන ඉතිහාසයකට අස්ගිරි පාර්ශවය උරුමකම් කියනවා. මහනුවර රාජධානිය ආශ්‍රිතව බිහි වුණු පළවෙනි භික්ෂු මූලස්ථානය විදිහටත් අස්ගිරි පාර්ශවය හඳුන්වන්න පුළුවන්.

 

 

මහනුවර රාජධානි සමයේදී අස්ගිරි විහාර පාර්ශවයෙන් වෙන් වුණු භික්ෂුන්වහන්සේ පිරිසක් මල්වතු විහාර පාර්ශ්වය ආරම්භ කරනු ලබනවා. රජතුමාගේ රාජකීය මල්වත්තේ ඉදිකරන ලද විහාරාරාමවලින් සමන්විත වීම නිසා මෙම පාර්ශවයට එම නම ලැබුණ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මුල් කාලයේදී අස්ගිරි පාර්ශවය බලවත්ව තිබුණත් වැලිවිට සංඝරාජ හිමිපාණන්වහන්සේ මල්වතු විහාරයේ වැඩ වාසය කිරීම නිසා පසුව එම පාර්ශ්වයට වැඩි බලයක් ලැබෙනවා. උපාලි හිමියන් උපසම්පදාව ලංකාවට ගෙන ඒමෙන් පසුව වුවත් අස්ගිරිමල්වතු පාර්ශව දෙක එක් නොවී ස්වාධීනව පැවතෙනවා.

 

 

මල්වතු පාර්ශ්වයට අයත් පහත රට භික්ෂූන්වහන්සේ පිරිසක් සහ මල්වතු විහාරය අතර ඇතිවන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පාර්ශවය ඇතිවෙනවා. සඳහා බෙන්තර අත්ථදස්සී, මලිගස්පේ මංගල වැනි භික්ෂූන්වහන්සේලා ගණනාවක් සිය දායකත්වය ලබා දෙනවා. උන්වහන්සේලා කැළණි නදියේ උපසම්පදා උත්සවයක් පවත්වා ක්‍රමානුකූලව පහත රට සියම් නිකායේ උපසම්පදාව ආරම්භ කරනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here