සිරිපාල පාර්ශවය තිලංගගේ රැස්වීම වර්ජනය කරයි !

0
8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා යයි කියමින් තිලංග සුමතිපාල විසින් කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය තීරණය කර ඇතැයි වාර්තාවේ.

අද (25) පස්වරු 3.00ට කොළඹ 10,  ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ දී මේ රැස්වීම පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල නිවේදනය කර තිබේ. 

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුට ආරාධනා කර ඇත.

කෙසේවුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනාම පිළි නොගන්නා බවට දන්වා තිබෙන අවස්ථාවක මෙම රැස්වීම සඳහා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්න අලගියවන්න,  උප ලේකම් ජගත් පුෂ්පකුමාර, උප සභාපති සුරේන් රාගවන්, ජේෂ්ඨ උප සභාපති අංගජන් රාමනාදන් යන කිසිවකු එම රැස්වීමට සහභාගි නොවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

Press release page 0001

Press release page 0002

 


Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here