රඳවා ගැනීමේ බද්දෙන් අපහසුතාවයට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාවට සහනයක් | Saru News Media

0
7

රඳවා ගැනීමේ බද්දෙන් අපහසුතාවයට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාසික පොළිය රුපියල් ලක්ෂයට වඩා අඩු පිරිසගෙන් රඳවාගන්නා පොළිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විටත් අදාළ ප්‍රතිපූර්ණ කටයුතු සඳහා බිලියන 40කට ආසන්න මුදලක් වර්ෂයකට යෙදවිය යුතුව පවතින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය කාලයේ 16%ක්ව තිබූ ණය පොළිය 9% තෙක් අඩුකර ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින බවත්, සැලසුම් සහගත නොවී ක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවට පවතින මුදල් ප්‍රවාහ අනුව විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා ක්‍රියාත්මක වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොළී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here