සීනිවලින් කොණ්ඩයට සත්කාරයක් කරමු. – Saru News Media

0
9

ලස්සන කොණ්ඩයක් ලබා ගන්න සීනි වලින් සත්කාරයක් කරන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? ශක්තිමත් සහ නීරෝගී කොණ්ඩයක් ලබා ගන්න සීනි සත්කාරයක් මේ විදියට කරලා බලන්න පුලුවන්.

ඕට්ස් සහ දුඹුරු සීනි

දුඹුරු සීනි සහ ඕට්ස් ස්ක්‍රබ් එකකින් හිස් කබලේ වියලි ඇති ඝන අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම සිදු කළ හැකියි.මීට අමතරව ඔබේ හිස කබලේ රුධිර සංසරණය වැඩි කර ගැනීමටත් මෙය උපකාරී වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • දුඹුරු සීනි තේ හැඳි 2ක්
  • ඕට්ස්  තේ හැඳි 2ක්
  • කුඩා බඳුනක්
  • කන්ඩිෂනර් තේ හැඳි 2ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය

  • බඳුනට දුඹුරු සීනි සහ ඕට්ස් දමා මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයටම කන්ඩිෂනර් එකතු කරන්න. සියල්ල එකට මිශ්‍ර කර ගන්න.
  • මීළඟට ඔලිව් තෙල් එකතු කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය හිසේ ගල්වා  සම්බාහනය කරන්න. ඉන්පසු ස්නානය කරන්න.

ලෙමන් යුෂ සහ දුඹුරු සීනි

මේ සත්කාරය ඔබේ හිසෙහි ඇති ඉස්සොරි ඉවත් කර ගැනීමට උපකාර වෙනවා.හිරුගේ හානිකර කිරණ වලින් ඔබේ හිස ආරක්ෂා කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • දුඹුරු සීනි තේ හැඳි 2 ක්
  • නැවුම් ලෙමන් යුෂ තේ හැදි 2 ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
  • මුහුදු ලුණු තේ හැන්දක්

සත්කාරය කරන ආකාරය

දුඹුරු සීනි සහ මුහුදු ලුණු එකට මිශ්‍ර කරන්න. එයටම ඔලිව් තෙල් සහ නැවුම් ලෙමන් යුෂ එකතු කරන්න.

හැන්දක් ආධාරයෙන් සියල්ල එකට මිශ්‍ර කරන්න. මිශ්‍රණය හිසේ ගල්වා සම්බාහනය කරන්න.

  • ඉන්පසු සෝදා හරින්න.

බේකින් සෝඩා සහ දුඹුරු සීනි

මෙම මිශ්‍රණය ඔබේ හිසේ ඇති අනවශ්‍ය බැක්ටීරියා ඉවත් කිරීමට උපකාර කරනවා. මෙම මිශ්‍රණය ඔබට මසකට වරක් භාවිතා කළ හැකියි. ඔබේ හිසකෙස් බාහිර හානිවලින් ආරක්ෂා කරවන විෂබීජ නාශක මෙහි අඩංගු වෙනවා.

අවශ්‍ය වෙන්නේ මේවා

  • දුඹුරු සීනි තේ හැඳි 1ක්
  • ෂැම්පු තේ හැඳි 1ක්
  • ටී ට්‍රී තෙල් තේ හැඳි 3 ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්

සත්කාරය කරන අන්දම

  • බඳුනකට සියලුම අමුද්‍රව්‍ය දමා එක් කර මිශ්‍ර කරන්න.
  • ඔබේ හිසකෙස් සම්බාහනය කරන්න.
  • හිස කෙස් සේදීම සඳහා උණුසුම් ජලය භාවිතා කරන්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here