සෙරෙන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් විශිෂ්ට සිසුන් ඇගයීමක් – Saru News Media | Sri Lanka Business News

0
12

ජාතිය පෝෂණය කිරීමේ අරමුණෙන් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) වෙතින් දියත් කළ සෙරෙන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් අධ්‍යාපනයේ විශිෂ්ටතා දක්වන දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ට උසස් අධ්‍යාපනය සඳහා අතහිත ලබා දෙන්නට කටයුතු ආරම්භ කර ඇත. ශ්‍රී ලාංකේය වතු ප‍්‍රජාව නියොජනය කරන, වැඩිම ’ ලකුණු ලබාගත් විශිෂ්ටයන් දස දෙනෙකු මෑතකදී මේ ශිෂ්‍යත්වයෙන් පිදුම් ලැබීය.

වතු ප‍්‍රජාවගෙ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත ‘අධි ශක්ති තිරිඟු පිටි’ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් වතු ප‍්‍රජාව සඳහා විශේෂයෙන් සකස් කර හඳුන්වා දෙනු ලැබූ තිරිඟු පිටි වර්ගයකි.

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ තිරිඟු පිටි නිෂ්පාදකයෙකු ලෙස, සෙරෙන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් වතු ජන සංවර්ධන අරමුදල සමග එක්ව (2023) අධ්‍යාපන වර්ෂය සඳහා ප‍්‍රමුඛ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබා ඇති දක්ෂ සිසුන් ඇගයීමට ලක් කිරීම සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හඳුන්වා දෙන ලදී.

කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය, නීති, ඉංජිනේරු, කළමනාකරණ, කලා සහ වාණිජ වැනි ක්ෂේත‍්‍රවල අධ්‍යාපනය ලබන දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකුට මේ අනුව මූල්‍යමය ශිෂ්‍යාධාර ලබා දීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය විසින් කටයුතු කරනු ලැබීය.

ගාල්ල, රත්නපුර, බදුල්ල, කෑගල්ල, හැටන් සහ නුවරඑළිය වැනි ප‍්‍රදේශවලට අයත් නමුණුකුල වතු සමාගම, තලවකැලේ තේ වතු සමාගම, බලන්ගොඩ වතු සමාගම, ආගරපතන වතු සමාගම, කැලණිවැලි වතු සමාගම, කොටගල වතු සමාගම, මඩුල්සීම වතු සමාගම, ඇල්පිටිය වතු සමාගම සහ හැටන් වතු සමාගම ඇතුළු කලාප රැසක පදිංචි ශිෂ්‍යයින් දස දෙනෙකු මේ අයුරින් තෝරාගන්නා ලද අතර මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අධ්‍යාපනික දියුණුව සහ සුදුසු සිසුන්ගේ උසස් අධ්‍යාපනයට සවියක් වීම උදෙසා සමාගමේ අරමුණ ද මැනවින් පෙන්නුම් කරයි. මෙම වැඩසටහන මූල්‍ය අනුග‍්‍රහයකින් ඔබ්බට විහිදුණු එකක් වන අතර එය සංවිධානය විසින් අධ්‍යාපනික දක්ෂතා නංවාලමින් අධ්‍යාපන සංස්කෘතික ඉගෙනුම් පෝෂණය කිරීම උදෙසා දැරූ ප‍්‍රයත්නයකට මනා සාක්ෂියක් ද වන්නේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here