2022 අවුරුද්දේ අලුත් සෙක්ස් ට්‍රෙන්ඩ්ස් ගැන දැනගෙන ඉමුද? – Saru News Media

0
3

දැන් ඔය විලාසිතා ලෝකේ සම්බන්ධයෙන් වගේම, සෙක්ස් ලෝකෙත් එක එක විදියේ ට්‍රෙන්ඩ්ස් එනවනේ. ඇත්තටම ඉතින් ඒක ගොඩක් අයට මගඇරෙන්න පුළුවන් දෙයක්. මොකද, ඔය සෙක්ස් ට්‍රෙන්ඩ්ස් හරියට අල්ලගන්න නම්, සෙක්ස් කරනවා කියන එක ප්‍රජනන අවශ්‍යතාවයක් විදියට නැතුව, සංස්කෘතික දෙයක්, විනෝදාස්වාදයක් විදියට දකින්න පුළුවන් වෙන්න ඕන. හැබැයි එහෙම දකින්න පුළුවන් නම්, සෙක්ස් කියන දේ හොඳ තෘප්තියකින් විඳින්නත් පුළුවන් වෙනවා. ආන්න ඒ නිසාම තමයි අපි හිතුවේ, මේ අවුරුද්දේ අලුතින් ඇවිත් තියෙන සෙක්ස් ට්‍රෙන්ඩ්ස් ගැනත් කතා කරන්න. ඇත්තටම හැමෝම එකම විලාසිතා අනුගමනය කරනවා වගේ, මේ සෙක්ස් ට්‍රෙන්ඩ්ස්ම අනුගමනය කරන්න ඕන කියලා නියමයක් එහෙම නෑ. අවශ්‍ය නම් තමන්ටම අලුත් සෙක්ස් ට්‍රෙන්ඩ්ස් නිර්මාණය කරන්නත් පුළුවන්. හැබැයි ඒකට වුණත් අලුත් සෙක්ස් ට්‍රෙන්ඩ්ස් ගැන දැනගෙන ඉන්න එකේ පාඩුවක් නෑ!

 

මේක දශකයකට දෙකකට කලින් නම් සමාජේ වැඩි දෙනෙක්ට කිසිම අදහසක් එහෙමත් තිබුණේ නැති දෙයක්. ඒ කියන්නේ බීඩීඑස්එම් කියන්නේ මොකද්ද කියලා දැනගන්න කලින්, ඒ ගැන අහලා තිබුණෙත් හරි අඩුවෙන් ගොඩක් දෙනෙක්. පස්සේ අර ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ පොත් සෙට් එකයි ෆිල්ම් සෙට් එකයි ආවට පස්සේ ගොඩක් සාමාන්‍ය ජනතාවත් මේ බීඩීඑස්එම් කියන්නේ මොනවද කියලා කතා කරන්න පටන් ගත්තා. එතකොට ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ එකේ පෙන්නන්නේ නං ඇත්තටම බීඩීඑස්එම් නෙවෙයි, වෙන කුණුහරුපයක් වුණාට, ඇත්තටම සැලකිය යුතු තරම් අය තමනුත් බීඩීඑස්එම් ප්‍රැක්ටිස් වලට, අඩු ගාණේ කින්කි සෙක්ස් වලට ආසයි කියලා තේරුම් අරගෙන තිබුණා. ඉතින් මේ වෙනකොට බීඩීඑස්එම් කියන්නේ අමුතු කතන්දරයක් නොවෙන තැනට ඇවිත්. ගොඩක් දෙනෙක් සමහර බීඩීඑස්එම් ප්‍රැක්ටිසස් තමන්ගේ සෙක්ස් ලයිෆ් එකටත් ඇතුළත් කරගෙන තියෙන්නේ.

 

සෙක්ෂුවල් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ, කරන්න ඕන නිසා ඔහේ සෙක්ස් කරන්නෙ නැතුව, වඩාත් අවබෝධයකින් සහ සැබෑ අවශ්‍යතාවයකින් සෙක්ස් කිරීම කියන එක තමයි. ඒක ඇත්තම කිව්වොත් භාවනාවකට සමාන අත්දැකීමක්. ඇත්තටම ඉස්සර, දැන් පවා ගොඩක් මිනිස්සු සෙක්ස් කරන එක ඔහේ පුරුද්දකට කරන දෙයක් බවට පත් කරගෙන තියෙනවනේ. හැබැයි ඒක අපරාදයක්. මොකද සෙක්ස් කිරීමේ සම්පූර්ණ තෘප්තිය ලබාගන්න නම්, මේ කියන මයින්ඩ්ෆුල් සෙක්ස් කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ, කසාද බැඳපු නිසා සෙක්ස් කරනවා කියන තැනින් එහා ගිහින්, තමන්ට කෙනෙක් එක්ක සෙක්ස් කරන්න සැබෑ ආශාවක් තියෙන නිසා, ඒ ගැන අවබෝධයෙන් සෙක්ස් කිරීම කියන එක. මෙන්න මේක ගැන ලෝකේ සෑහෙන්න කතාබහ ඇතිවෙලා තියෙනව මේ වෙනකොට. තාමත් ඉතින් අර පැයට දෙන රූම් එකකට ගිහින් දඩිබිඩියේ ජිම්නාස්ටික් ටිකක්  කරලා එන ඈයො ඉන්නවා තමයි. ඒක නැහැයි කියන්නෙ නෑ. හැබැයි මේ වෙනකොට, හොඳ සූදානමක් එක්ක, සමහර විට හොඳ මියුසික් එකක් දාලා, සුවඳ කූරු පත්තු කරලා, ගාණට ලයිට් ඩිම් කරලා, උපරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න සෙක්ස් කිරීම ගැන වැඩි උනන්දුවක් ඇති වෙලා තියෙනවා කියන්න පුළුවන්.

 

දැන් හැදෙන ඔය ෆිල්ම්ස්, ටීවී සීරීස් එහෙම බලන්න. දැක්කද ඒවල ඉන්න ගොඩක් කැරැක්ටර්ස් එක්කෝ ගේ, එක්කෝ ලෙස්බියන්, එක්කෝ බයි සෙක්ෂුවල් කියන එක? ඇත්තටම LGBTQ ප්‍රජාවන්ටත් සමාජයේ වැඩි හඬක් මේ වෙනකොට හිමි වෙලා තියෙනවා සාපේක්ෂව ඉස්සර එක්ක බලනකොට. ඒ එක්කම, ඔය ෆිල්ම්ස්, ටීවී සීරීස් හදන අයත් එක්කෝ පොලිටිකලි කරෙක්ට් වෙන්න, එක්කෝ සමාජයේ මේකත් සාමාන්‍ය දෙයක් කියන එක පෙන්නන්න ගේ, ලෙස්බියන්, බයි සෙක්ෂුවල් සම්බන්ධතා වැඩි වැඩියෙන් පෙන්නනවා. ඒකේ ලොකු අවුලක් අපිට නෑ. ඇත්තටම දැන් ඔය ටික්ටොක් වගේ ප්ලැට්ෆෝම් එකක් ගත්තත්, තමන් ලෙස්‍බියන් හෝ ගේ හෝ බයි කියලා ප්‍රසිද්ධියේ කියන අය ඕන තරම් ඉන්නවා. ඉතින් 2022 අවුරුද්දේ මේක තවදුරටත් සාමාන්‍යකරණය වෙයි.

 

දැන් ඔය සෙක්ස් ටෝයිස් කියලා කිව්වහම, ලංකාවේ නම් ගොඩක් වෙලාවට කාන්තාවන් ගාව තමයි සෙක්ස් ටෝයිස් තියෙන්නේ. හැබැයි ඒ අය ගාවත් තියෙන්නේ ඔය වයිබ්‍රේටර් එකක්, ඩිල්ඩෝ එකක් වගේ දෙයක් විතරයි. ඒත් මේ වෙනකොටත් වෙළඳපොළේ -ලංකාවේ පවා- විවිධාකාරයේ සෙක්ස් ටෝයිස් තියෙනවා. හැබැයි දැන් 2022 වෙනකොට ලිංගික තෘප්තිය ලැබීම සඳහා ඉවහල් වෙන නවතම ආකාරයේ සෙක්ස් ටෝයිස් හඳුන්වලා දීලා තියෙනවා. සමහර ඒවා ෆෝන් එකේ ඇප් එකකින් පාලනය කරන්න පුළුවන් ලෙවල් එකේ හයිටෙක් ගැජට්ස්. මේ රිමෝට් කොන්‍ට්‍රෝල්ඩ් ටෝයිස් මේ අවුරුද්දේ සෑහෙන්න උනන්දුවක් ඇති කරයි කියලා සෙක්ස් ටෝයිස් නිර්මාණකරුවෝ කියනවා. ඒ එක්කම, වඩාත් පරිසර හිතකාමී සෙක්ස් ටෝයිස් නිර්මාණය කිරීමත් මේ වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා.

 

ඒ විතරක් නෙවෙයි, ගෙදරම තමන්ට අවශ්‍ය සෙක්ස් ටෝයිස් හදාගන්න එකත් මේ අවුරුද්ද වෙනකොට ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. යූටියුබ් එකේ DIY Sex toys ගැන සෑහෙන්න වීඩියෝස් පවා තියෙනවා!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here