අතීතයේ ලංකාවේ නැව් විදෙස් රටවල් බලා යාත්‍රා කළ දොඩන්දූව තොටුපළ – Saru News Media

0
6

ලංකාව වටේම මූද තිබුණත් අපි මූද එක්ක තිබුණ ගනුදෙනු ගැන ඉතිහාසයේ තිබෙන්නේ අඩුවෙන්. වෙනත් රෝම, චීන යුගවල ඔවුන් අපේ රටට පැමිණ වෙළඳාම් කරන ලද විස්තර සහ ඉතිහාස සාධක තියෙනවා. ඒත් අපේ අය රටින් පිටතට ගිය බවක සඳහනක් නැහැ. දොඩන්දූව කලාපය, දකුණු වෙරළ කලාපය යටත්විජිත ඉංගිරිසි සමයේදී විශාල රුවල් යාත්‍රා හදන්නත්, ඒවා යාත්‍රා කරවන තොටක් වශයෙනුත් වැදගත් වුණා. අපි ඒ ගැන තොරතුරු ටිකක් බලමු.

 

 

ශීතකරණ ජනප්‍රිය වෙන්න කලින් කාලේ අපේ ලංකාවේ මූදට දුර පළාත්වල ජනතාව මාළු කෑවේ ජාඩි විදිහට. ජාඩි කියන්නේ මාළු කල්තබාගැනීමේ ක්‍රමවේදයක්. දැන් දැන් ජාඩි හදලා ජෑම් බෝතල් වල සහ මුට්ටි වල දාන හැටි වීඩියෝ වල තියෙනවා. මේ ජාඩි මාළු දැම්මේ පීප්ප වල. එකල අපේ උදවිය ඉන්දියාවේ දකුණු වෙරළබඩ කලාපයේ කාවේරි, නිගුර්, මදුරේ, නාගපට්ටනම්, ගෝව ආදී ප්‍රදේශ වලට යාත්‍රා කළා. එහිදී ඒ වෙරළබඩ තීරයෙන් අල්ලාගත් මසුන් හොන්ඩර් 12ක් (ආසන්නව කිලෝ 600ක්) තරම් විශාල පීප්ප  වලට ජාඩි ඇසිරුවා. මේ ජාඩි අඩි පනහකටත් වඩා දිග මහා යාත්‍රා මගින් දොඩන්දූවට ගෙනත්, දොඩන්දූවෙන් රට වටේ තැන්වලට කරත්ත වලින් බෙදා හැරුණා.

 

 

ඉතිහාසයේ ලියවුණු කොටස් වගේම නොලියවුණු කොටස්ද තියෙනවා. දොඩන්දූවේ මේ ඔරු හැදූ තාක්ෂණය සහ ඒවා නිර්මාණය කළ උදවිය දැන් කාලයේ වැලි තලාවට හසුව ගහගෙන ගිහින්. මේ යාත්‍රාවලට ඔරු කිව්වට මේවා සුවිශාල යාත්‍රා විදිහට තමයි පැවතුණේ. මේ යාත්‍රා වල රුවල් බලයෙන් වගේම හබල් ගාන්නත් පහසුකම් තිබී තියෙනවා. 1800-1900 මුල් කාලයේ මේ යාත්‍රා මගින් ඉන්දියාව පමණක් නොවෙයි, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනිසියාව ආදී දුර බැහැර රටවල් කරාත් යාත්‍රා කර තිබෙනවා.

 

 

1800 ගණන් වල අගභාගයේ සියම් නිකායට අමතරව වැලිතර ඥාණවිමලතිස්ස මාහිමිපාණන් විසින් අමරපුර නිකාය ආරම්භ කරන්නට යෙදුනා. එයින් පසු පහතරට දානපතියන්ගේ ආශීර්වාද යටතේ විවිධ කණ්ඩායම් විදෙස් රටවල් කරා ගොස් ධර්මදූත කටයුතු වල නිරත වුණා. උපසම්පදා කර්මය, ධර්මවිනය කොටස් බුරුමය හෙවත් එවකට රාමඤ්ඤ දේශය සහ තායිලන්තය හෙවත් එවකට සියමට ගොස් අපේ හිමිවරුන් රැගෙන ආවා. ඒවා සුමට මුදු වර්තමාන මුහුදු ගමන් වැනි සුවපහසු ගමන් වුණේ නැහැ. ඒත් එකල ස්වාමීන් වහන්සේලා ඒ දැඩි කැපකිරීම ශාසනය වෙනුවෙන් සිදුකළා. ඒ ගමන්බිමන් වලට මේ දොඩන්දූව පැරණි වෙරළ තීරයත් ස්ථානයක් ලෙස වැදගත් වුණා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here