බාබක්‍යු පාරක් දාන්න ආසද? ඒකට ගැලපෙන ග්‍රිල් එකක් තෝරාගන්නේ කොහොමද? – Saru News Media

0
10

සාමාන්‍යයෙන් ඔය මස් කන්නෝ නැතිනම් මාංශ ලෝලියෝ ආසම දෙයක් තමයි බාබක්‍යු කියන්නේ. සමහර වෙලාවට ඔය බාබක්‍යු පාටීස් වලට, බාබක්‍යු ඇක්ෂන් ස්ටේෂන් තියෙන බුෆේ එකකට එහෙම ගියොත්, අපිට දකින්න පුළුවන් බාබක්‍යු වගේ දේවල් හදන ග්‍රිල් මැෂින්. අපි ඒ වෙලාවට ඕක දිහා බලලා හිතලත් ඇති, අපේ ගෙදරටත් මෙහෙම එකක් ගත්තොත් හැමදාමත් බාබක්‍යු නේද කියලා. හරි, හැමදාම බාබක්‍යු කන්න බෑ තමයි. හැබැයි අඩු තරමේ ගෙදර පාටියක්, සෙට් වීමක් වෙලාවකට වත් බාබක්‍යු එකක් දාන්න තියෙනවා නම් මරු නැද්ද හා? එතන තියෙන්නේ බාබක්‍යු මස් කන්න ලැබෙන එක විතරක් නෙවෙයි. මස් බාබක්‍යු කරන ආට් එක වුණත් විනෝදය ගෙන දෙන වැඩක් නෙවෙයිද? ඇයි අර හොලිවුඩ් ෆිල්ම් වලත් තියෙන්නේ ඇමරිකන් කාරයෝ බියර් එකක් එහෙම අතේ තියාගෙන, ගෙදර බැක්යාඩ් එකේ ග්‍රිල් මැෂින් එකක දුම් ගහ ගහ බාබක්‍යු දානවා. ඒක බලන් ඉන්න ආස වැඩක්.

 

ඉතින් ඒ නිසා, බාබක්‍යු ආට් එකට ආස, බාබක්‍යු කන්න ආස, ගෙදරට බාබක්‍යු ග්‍රිල් එකක් ගන්න ආස අයට උදවුවක් විදියට අපි හිතුවා, බාබක්‍යු ග්‍රිල් එකක් ගන්න කලින් හිතලා මතලා බලන්න ඕන, ග්‍රිල් එකක් ගන්න උපකාරී වෙන උපදෙස් කීපයක් ලබාදෙන්න.

 

 මුලින්ම මේ දෙකේ වෙනස තේරුම් ගන්න වෙනවා. නමේ හැටියටම ස්මෝකර් එකකින් කරන්නේ දුම් රශ්මිය හරහා කෑම හදන එක තමයි. මෙතනදී තව දෙයක් වෙනවා, මේ දුම් රසය එක්ක හදන කෑම වෙනම සීන් එකක්. ඔය දුම් ගහපු මස්, දුම් ගහපු මාළු කියලා එහෙම කියන්නේ මේවා තමයි. මේ දුම් ගහපු රසය ගන්න ඕන නිසාම ඕනම දර කෝට්ටක් ස්මෝකින් මැෂින් එකට දාන්නත් බෑ. දාන්න ඕන දර වර්ගත් තියෙනවා. එතකොට ස්මෝකින් මැෂින් එකකින් වැඩේ කරන්න හොඳ ඉවසිල්ලක් තියෙන්න ඕන. සමහර වෙලාවට දුම් ගහපු මස් එහෙම වලට සෑහෙන වෙලාවකුත් යනවා. හැබැයි ඉතින් නියම බාබක්‍යු ෆ්ලේවර් එකක් ලැබෙන්නේ ස්මෝක්ඩ් බාබක්‍යු වලින් තමයි. අනික් අතට ග්‍රිල් එක ඊට වඩා සෑහෙන ෆ්ලෙක්සිබල්, භාවිතයත් පහසුයි. ඒ නිසාම ඔය ජර්කි වගේ වියළපු මස්, විශාල මස් කොටස් එහෙම පළහන්න ස්මෝකර් එකක් උචිතයි. චිකන්, ස්ටේක්ස් වගේ වඩාත් පොඩි මස් වර්ග වලට වගේම මාළු සහ එළවළු වලටත් ග්‍රිල් එකක් හොඳයි.

 

ග්‍රිල් එකක් ගන්නකොට මුලින්ම හිතන්න ඕන දෙයක් තමයි මොකටද ග්‍රිල් එකක් ගන්නේ කියන එක. මොකද, ග්‍රිල් එකකින් තමන්ට තියෙන අවශ්‍යතාවයන් අනුව ගන්න ඕන ග්‍රිල් එකත් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර දෙන්නට තුන්දෙනාට ඉඳලා හිටලා බාබක්‍යු පාරක් දාගන්න නම්, අර සිංගර් එකේ තියෙන ලොකු සාස්පානක් වගේ තියෙන බාබක්‍යු ග්‍රිල් එකකුත් ඇති. එහෙම නැතුව යාලු මිත්‍රයෝ එක්ක පාටියක් එහෙම දාන්න නම්, අර මධ්‍යම ප්‍රමාණයක ග්‍රිල් මැෂින් එකක් ගන්න පුළුවන්. එතකොට ඔය ට්‍රිප් එකක් කාරිය ගිහිල්ලා බාබක්‍යු පාරක් දාලා විනෝද වෙලා එන්න නම්, ජංගම බාබක්‍යු මැෂින් තියෙනවා. ඒකක් ගන්න පුළුවන්. ගොඩක් ලොකු වැඩකට, වාණිජ අරමුණකට එහෙම නම් ටිකක් ලොකු සයිස් මැෂින් එකකට යන්න වෙනවා.

 

දැන් තියෙන ග්‍රිල් මැෂින් දර වලින්ම විතරක් නෙවෙයි දුවන්නේ. ඇත්තටම දැන් ගොඩක් වෙලාවට විකල්ප කීපයක් පාවිච්චි කරන්න පුළුවන් ග්‍රිල් මැෂින් තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය චාකෝල් හෙවත් ගල් අඟුරුනේ. හැබැයි තවමත් දර වලින්ම අඟුරු හදලා ඒකෙන් මස් පළහන්න පුළුවන් පරණ තාලේ ග්‍රිල් වුනත් තියෙනවා. හැබැයි චාකෝල් හෙවත් ගල් අඟුරු වැඩේ වඩාත් ක්ලැසික්. ඒ වගේම අර ග්‍රිල්ඩ් ෆ්ලේවර් එක එහෙමත් වඩාත් හොඳට ගල් අඟුරු වලින් පළහනකොට එනවා කියලා සමහරු කියනවා.

ගල් අඟුරු වලට පස්සේ ගෑස්. ඇත්තටම දැන් දැන් ගෑස් ග්‍රිල් මැෂින් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඒක පහසු නිසා තමයි. අනික ගල් අඟුරු හෝ දර වලට වඩා සෑහෙන්න ක්ලීන් වැඩේ. මෙතනදීත් වාදයක් තියෙනවා අපි ගෙදර පාවිච්චි කරන එල්පී ගෑස්ද නැතිනම් ස්වභාවික ගෑස්ද හොඳටම හොඳ කියලා. 

ඊට පස්සේ දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ග්‍රිල්ස්. මේවා ඉතාම ක්ලීන්. හැබැයි ඉතින් සියේට සීයක් අර නියම ග්‍රිලින් එක්ස්පීරියන්ස් එක නම් මේකෙන් ගන්න අමාරුයි. හැබැයි එහෙම නැතුව, මස් වල ග්‍රිල් ෆ්ලේවර් එක විතරක් තියෙන විදියට ඉතාම පහසුවෙන් බාබක්‍යු එකක් දාගන්න නම් ඉලෙක්ට්‍රික් ග්‍රිල් එකක් අපූරුයි.

සාමාන්‍යයෙන් දැන් එන ග්‍රිල් මැෂින් වල මේ ඉන්ධන විකල්ප කීපයක් තියෙනවා. ඒ කියන්නේ දර හෝ ගල් අඟුරු හෝ ගෑස් තුනම පාවිච්චි කරන්න පුළුවන් මැෂින් එහෙම.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here