වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම ඉහළට

0
10

වසර ගණනාවකට පසු මේ වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ පළමු කාර්තුවේ අපේක්ෂිත බදු ආදායමටත් වඩා වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වූ බවයි.

new2023 voice · SIYABALAPITIYA 01

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුවෙන් අපේක්ෂිත ඉලක්ක අබිබවා ආදායම් ලැබී ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

new2023 voice · SIYABALAPITIYA 02

මේ අතර, නීති විරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කෙරුණු කෝටි 700ක් වටිනා වාහන 112ක් සොයා ගෙන ඇති බවත් වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

අදාළ වාහන 112, මේ වන විටත් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වාහන 2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

 මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන ඒවා රාජසන්තක කිරීමටද නියමිතයි. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here