විදුලි බිල අඩුකරන්න tips 10ක් – Saru News Media

0
4

මේ මොහොතේ ලංකාවේ අපට පාවිච්චි කරන විදුලි ඒකක එකකට ගෙවන්න වෙන වැඩිම මිල ගෙවන්න වෙලා. ඒ නිසා lifie අපි තීරණය කලා ඔයාලගෙ විදුලි බිල අඩුකරන tips 10 ගැන කතා කරන්න.

බල්බ් මැනේජ්මන්ට්

ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් වලට සමු දී LED බල්බ් වලට මාරු වෙන එක තමයි මුලින්ම අපි කරන්නම ඕනි. ගෙදරක සාලයේ, බාත්රූම් එකේ, කිචන් එකේ, කාමර වල වැඩිපුර වේලාවක් විදුලි බල්බ් දල්වලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ ස්ථාන වලටවත් අපි ෆිලමන්ටල්, CFL, ටියුබ් බල්බ් පාවිච්චි කරන එක නවත්වන්න ඕනෙ. මේවා පාවිච්චි කිරීම තුලින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා දීප්තියෙන් සමාන, අඩු වෝල්ට් ප්‍රමාණයක් වැය වෙන LED බල්බ් වලට මාරු වෙන එක වඩා හොඳයි.
ඉහත සඳහන් කරපු ස්ටෑන්ඩඩ් බල්බ් එකක බ්‍රයිට්නස් එක 50ක් ලබා ගන්න වොට් 25 ක් වැය වෙනවා. ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 6 ක් වැය වෙනවා. LED බල්බ් එකකින් වෝට් 4 යි වැය වෙන්නෙ. අපි හිතමු ඔයාට බ්‍රයිට්නස් එක 1600 ක් ඕනි කියලා. ස්ටෑන්ඩඩ් බල්බ් එකක වොට් 100 ක් වැය වෙනවා. ඒ වගේම CFL බල්බ් එකකින් වොට් 25 ක් වැය වෙනව. LED බල්බ් එකකින් වෝට් 20 යි වැය වෙන්නෙ. මේ නිසා LED බල්බ් වලට මාරුවීම ඉතාම හොද tips එකක්.

TV එක ස්ටෑන්ඩර්ඩ් මෝඩ් එකේ තියන්න එපා

බොහෝ වෙලාවට අපි TV එක ස්ටෑන්ඩර්ඩ් මෝඩ් එකේ තියන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නෙ රිමෝට් එකෙන් විතරක් ඕෆ් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයාල දන්නෙ නැති වුනාට මේ මඟින් ද දවසට වොට් 10 ක් 15 ක් විතර නිකරුණේ වැය වෙනවා. ඒ නිසා රිමෝර්ට් එකෙන් ඕෆ් කරල ප්ල්ග් එකෙනුත් ඕෆ් කරන්න පුරුදු වෙන්න.

ෆ්‍රිජ් එක මැනේජ් කර ගන්න

කිචන් එකේ වැඩිපුර විදුලිය වැයවෙන අයිටම් එකක් තමයි ෆ්‍රිජ් එක. ඒ නිසා ෆ්‍රිජ් එක හොඳින් මැනේජ් කරන එක ඉතාම වැදගත්. ෆ්‍රිජ් එක තියෙන තැන සහ බිත්තිය අතර දුර ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනි. බිත්තියකට හේත්තු කරල, බිත්තියක් මුල්ලේ, බිත්තියකට ළං කරල ෆ්‍රිජ් එක තියන්න එපා. බිත්තිය සහ ෆ්‍රිජ් එක අතර පරතරය අඩි 1 ½ හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි අනිවාර්යෙන්. ඒකට හේතුව ෆ්‍රිජ් එකේ කූලර් සිස්ටම් එක තියෙන්නෙ පිටි පස්සෙ. බිත්තියකට ළං වුනාම ඒ අවට හීට් එක වැඩි නිසා කූල් කරන්න වැඩිපුර වොට් ප්‍රමාණයක් වැය වෙනවා.

තවත් දෙයක් තමයි ෆ්‍රිජ් එක ඕපන් කරන වාර ගණන ගැන සැලකිලිමත් වෙන්න. ඔයා වැඩි වාර ගණනක් ඕපන් කළොත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. අඩු වාර ගාණන් ඕපන් කළොත් අඩු වොට් ප්‍රමාණයක් වැය වෙනවා. මේ නිසා ආහාර සකස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය එක වර එලියට ගන්න පුරුදු වෙන්න කියලා lifie අපි ඔයාට යෝජනා කරනවා.

ඉලෙක්ට්‍රිසිටි යුටිලයිට් ස්ලොට් මැනේජ් කරන්න

 

අපි හැමෝම හොඳින් දන්නව ඉලෙක්ට්‍රිසිටි යුටිලයිට් ස්ලොට් තුනකට බෙදා තියෙනව කියලා. ඒ තමයි ඩේ, පීක්, ඕෆ් පීක්. ඩේ විදියට ගන්නෙ උදේ 5.30 සිට සවස 6.30 දක්වා කාලය. පීක් වේලාව සවස 6.30 ත් රාත්‍රි 10.30 ත් අතර කාලය. ඕෆ් පීක් රාත්‍රි 10.30 යේ සිට උදේ 5.30 කාලය. පීක් ටයිම් එකේදි තමයි යුනිට් එකකට ගෙවන්න වෙන කොස්ට් එක වැඩිම. ඒ නිසා ගෙදර පාවිච්චි කරන වැඩ් වොට් ප්‍රමාණයක් වැය වෙන ඉක්විප්මන්ට් යුනිට් කොස්ට් එක අඩුම වෙලාව වන රාත්‍රි 10.30 ත් උදේ 5.30 අතර පවිච්ච් කරන එකත් විදුලි බිල අඩු කරන්න පාවිච්චි කරන්න පුලුවන් tip එකක්.

AC මැනේජ්මන්ට්

අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනව AC එක 15 – 18 ක් අතර අඩු කරන්න. මේ නිසාත් වැඩි වොට් ප්‍රමාණයක් වැය වෙනවා. නියමිත විදියට රූම් එක සීල් කරල තියෙනව නම් AC එකේ සෙටි පොයින්ට් එක 24. AC එකට වැය වෙන වොට් ප්‍රමාණයක් අනිවාර්යෙන් අඩු කරගන්න නම් සෙට් පොයින්ට් එකේ AC එක තියාගන්න වග බලා ගන්න. ඒ වගෙම රූම් එක හොඳීන් සීල් කරන එකත් වැදගත්. තවත් කාරණයක් තමයි ඩස්ට් කවර් එක අනිවාර්යෙන් සති දෙකත් හතරත් අතර ක්ලීන් කර ගන්න. ඔන්ටයිම් සර්විස් එකක් කරන්නත් අමතක කරන්න එපා. මේ විදියට AC එක මැසේජ් කර ගත්තොත් විදුලි බිල අඩු රේන්ජ් එකක තියාගන්න පුලුවන් වෙනවා.

අනවශ්‍ය බල්බ් නිවන්න

බොහෝ වෙලාවට අපේ නොසැලකිලිමත් බව විදුලි බිල වැඩි වෙන්න බලපාන තවත් විශේෂ කාරණයක්. ඒ නිසා මුළුතැන්ගෙයි, නිදන කාමරයේ, බාත්රූම් එකේ බල්බ් නිවන එක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. අදාල වැඩේ ඉවර වුනාම බල්බ් නිවල ඒ තැනින් පිට වෙන්න වග බලා ගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here