සජීවිකරණ අත්දැකීමේ මානවවාදය කැටිවුණු මියසාකිගේ ලෝකයේ ඔබ නැරඹිය යුතු ම චිත්‍රපටි පහක් – best animated movies by Miyazaki – Saru News Media

0
7

අපි හිතන් ඉන්නේ කාටුන් කියන්නේ පොඩි වුන්ට විතරක් තියෙන ආතල් ගැනීමේ මාධ්‍යයක් කියලා. හැබැයි බයිස්කෝප් කාපර්ලා දන්නවා සජීවිකරණ චිත්‍රපටි නැත්තම් ඇනිමේෂන් මූවීස්වල තියන මෙව්වා එක. ඒ අතරිනුත් කීප දෙනයි හයාඕ මියසාකිගේ ස්ටුඩියෝ ජිබ්ලි එකේ චිත්‍රපටිවල තියෙන ලස්සන සහ ගැඹුර ගැන දන්නේ. හයාඕ මියසාකි ජපන් සජීවිකරණ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ චිත්‍රාගාරය ස්ටුඩියෝ ජිබ්ලි. මෙයාගේ නිර්මාණවල තියෙන්නේ අමුතු ම ලෝකයක්. විකාර පෙනුමක් තියෙන සත්තු, අමුතු මිනිස්සු, ආත්ම වගේ හිතාගන්න බැරි දේවල්. හැබැයි ඒවා අස්සේ කතා කෙරෙන්නේ හැබෑ ලෝකයේ කතා. මේ නිසාම ලෝකය පුරාම මියසාකිගේ ලෝකයට ආදරය කරන අය ඉන්නවා. ඔහුගේ නිර්මාණ කීපයක් ගැනයි මේ කතාව. මේ කතා ඉංග්‍රීසියෙන් හඬකවපු ඒවත් තියෙනවා. හැබැයි නියම ගැම්ම එන්න නම් ජපන් එකම බලන්න ඕනි.

https://www.youtube.com/watch?v=XKSyfeSA-jk

එක්දාස් නවසිය ගණන්වල එළියට ආපු මේ චිත්‍රපටිය ගැන අදටත් ආසාවෙන් කතා කරන පිරිස වැඩි. මේක බැලුවම නිකන් කාටුන් එකක් බලනවාට වඩා ඇක්ෂන් ෆිල්ම් එකක් නැත්තම් සයිකොලොජිකල් පැත්තට බර නිර්මාණයක් බලනවා වගේ හැඟීමක් එන්නේ. ඒක ඇත්තට ම එහෙම තමයි. යකඩ යුගයත් එක්ක අනික් රටවල් වගේ ම ජපානෙත් ඉස්සරහට යනවා. මේකත් එක්ක පරිසරයට වුණ බලපෑම විස්තර කරන්න මියසාකි නපුරු ආත්ම, කතා කරන සත්තු ඇතුළත් වෙන ම ලෝකයක් නිර්මාණය කරනවා. එක පාරක් බලලා නවතන්න හිතෙන්නේ නැති කතාවක් තමයි මේ. චිත්‍රපටිය බලලා නැති සමහරු මේකේ තේමා ගීතය නම් අහලා ඇති. ඒක ලෝක ප්‍රසිද්ධයි.

Soundtrack

 

අම්මයි තාත්තයි තඩිම තඩි ඌරො දෙන්නෙක් වුණ පුංචි චිහිරෝගේ විස්මයජනක අත්දැකීම තමයි මේ කතාවෙන් කියවෙන්නේ. මේකත් නිකන් හීන ලෝකෙක පාට පාට කතාවක් වගේ පේන්නේ. පියාඹන මකරු, මායාකාරියෝ හිටියට 2001 අවුරුද්දේ හොඳම සජීවිකරණ චිත්‍රපටිය විදියට ඇකඩමි සම්මානය දිනා ගන්නේ මේක. එහෙම වෙන්නේ මතුපිට පෙන්නන දෙයට වඩා වැඩි දෙයක් සමාජගත කරන්න මියසාකිට තිබ්බ හැකියාව.

 

ගල් හිතක් තියෙන මනුස්සයෙක් වුණත් ඉටිපන්දමක් වගේ මෙළෙක් කරන්න පුළුවන් නිර්මාණයක්. ඇහැට කඳුලක් ආවේ නැත්තම් තමයි පුදුමේ. මේ නිර්මාණය හදන්න මුල් වෙලා තියෙන්නේ මේ නමින් ම තියෙන අර්ධ ස්වයං චරිතාපදානයක්. ඒ නිසා තමයි මේ නිර්මාණය වඩාත් ප්‍රබල වෙන්නේ. දෙවෙනි ලෝක යුද්ධ කාලේ තමන්ගේ නංගිව ආරක්ෂා කරගන්න බුදු කට්ටක් ගන්න පොඩි පිරිමි ළමයෙකුගෙයි අයියට ගොඩක් ආදරේ කරන නංගි කෙනෙකුගෙයි ශෝකාන්තය. ඒ වෙලාවේ ඒ දෙන්නට දැනුණු දේවල් ඒ විදියටම ප්‍රේක්ෂකයාට විඳින්න ඉඩ ලබා දුන්න සංවේදී නිර්මාණයක්. යුද්ධයේ තියෙන නපුරුකම හොඳට දන්නා අපි බැලිය යුතු ම චිත්‍රපටියක්.

 

මතභේදයකට හේතුවුණු කතාවක්. පුංචි ගැණු ළමයි දෙන්නෙක් තමන්ගේ තාත්තා එක්ක ගම්බද පළාතකට පදිංචියට එනවා. එයාලාගේ අම්මා අසනීප වෙලා ඉන්නේ රෝහලේ. මෙයාලා ටෝටෝරෝ කියන අද්භූත ආත්මය එක්ක යාළු වෙනවා. මේ විදියට සරල කතාවක් වගේ පෙනුණත් මේ කතාව මරණයේ දෙවියන් ගැන හදපු එකක් කියලා කතාවක් තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here