සියැට් හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසැල කුරුණෑගල දී විවෘත කරයි

0
15

සියැට් හි නව පාරිතෝෂික අලෙවිසැලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසැලක් විවෘත කර ඇත.

ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට් SIS අලෙවිසැල මෙය වන අතර, කුරුණෑගල, මීගමුව පාරේ, අංක 288C, ස්ථානයේ රෝහණ එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමෙහි මෙම නව අලෙවිසැල පිහිටා ඇත.

රටේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි වසර 03ක බෙදාහැරීමේ ජාල පුළුල් කිරීමේ උපාය මාර්ගයෙහි කොටසක් වන Shop-In-Shop සංකල්පය තුළින් සන්නාම ප්‍රවර්ධනය සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට ද බහු-සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයන් තුළ සියැට් ටයර් සඳහා වෙන්වූ ප්‍රදේශයක් නිර්මාණය වෙයි.

සියැට් විසින් මෙම පුද්ගලික අවකාශයේ අභ්‍යන්තරය තුළ පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානයක් සහ පිළිගැනීමේ ප්‍රදේශයක් මඟින් පාරිභෝගිකයාගේ සුවපහසුව වැඩිදියුණු කරයි. මීට අමතරව සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් තම අලෙවි නියෝජිතයින් වෙතින් ලබාගත හැකි ටයර් නිෂ්පාදන අවධාරණය කිරීම සඳහා අභ්‍යන්තර සන්නාම පුවරු, සංඥා, ගෘහ භාණ්ඩ සහ නව්‍ය නිෂ්පාදන ප්‍රදර්ශන රාක්ක සඳහාද ආයෝජනය සිදු කරයි. සන්නාමයේ දෘශ්‍යතාවය සහ ස්ථානගත කිරීම වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ආකෘතිය අලෙවි නියෝජිතයින්ගේ ආදායම වැඩි කිරීමටද ඉවහල් වන බව සමාගම ප්‍රකාශ කරයි.

මෙම පාරිතෝෂික අලෙවිසැල් නිර්මාණය කර ඇත්තේ, මගී මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට වන අතර මෙම අංශ සඳහා සියැට්-කැළණි සමාගම ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් ඉහළම ප්‍රමිතීන්ට අනුව රේඩියල් ටයර් මාලාවක් නිෂ්පාදනය කරයි.

කුරුණෑගල සියැට් SIS අලෙවිසැල මඟින් ආකර්ෂණීය වට්ටම්, ටයර් සඳහා නඩත්තු සහ තාක්ෂණික විශේෂඥතාව, පරිගණක රෝද පෙළ ගැස්ම, ටයර් වායුකරණය සඳහා නයිට්‍රජන් වායු පොම්ප, මෝටර් රථ බැටරි සහ වාහන උපාංග මිලදී ගත හැකි බව ආයතනය පවසයි.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කිරීමට අමතරව, සියැට්-කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද ඉටු කරනු ලබන සියැට් කැළණි සමාගම පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 8.5 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබේ.

The post සියැට් හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසැල කුරුණෑගල දී විවෘත කරයි appeared first on Saru News Media | Sri Lanka Business News.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here