ගාසා යුද්ධයට එරෙහිව කැලිෆෝනියාවේ විරෝධතා – සරසවි සිසුන් 94ක් අත්අඩංගුවට

0
12

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවති විරෝධතාවකට එක් වූ විශ්වවිද්‍යාල සිසුන් 94 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාසා තීරයේ යුධ ගැටුම්වලට එරෙහිව පැවති විරෝධතාවකට එක් වූ සිසුන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතා නොපවත්වන ලෙස පෙර දැනුම්දීමක් සිදු කළ බවත් එය නොතකමින් විරෝධතාවලට එක්වූ පිරිසක් අත්අඩංගුවට ගත් බවත් කැලිෆෝනියා පොලිසිය පවසා තිබෙනවා.

ගාසා තීරයේ යුධ ගැටුම් නතර කරන ලෙස බලකරමින්  අමෙරිකානු විශ්වවිද්‍යාල ගණනාවක විරෝධතා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here