ෆේස් මාස්ක් පැළඳීමෙන් ඇතිවන ගැටළු සහ ඒවාට විසඳුම් – Saru News Media

0
4

කොරෝනා වසංගතය නිසා අපිට ලැබුණු එක තෑග්ගක් තමයි ෆේස් මාස්ක් එක කියන්නෙ. දැන් තියෙන තත්ත්වය අනුව නම් අපිට තව අවුරුදු ගා​ණක් යනකන් මේ තෑග්ග අයින් කරන්න පුළුවන් වෙන මට්ටමක් නෑ. ඉතින් මේ මාස්ක් එක දාන එක අ​පේ ආරක්ෂාවට ලොකු උදව්වක් වගේම ගොඩක් ලොකු කරදරයක් හැමෝටම වගේ. හැමෝම බලන් ඉන්නෙ කොරෝනා ෆ්‍රී කාලයක් එනකන්. ඒකට ප්‍රධානම හේතුවක් මේ මාස්ක් එක පළඳින්න තියෙන අපහසුතාවය. ඉතින් අපි අද බලමු මොනාද මේ මාස්ක් එක නිසා අපිට ඇතිවෙලා තියෙන ගැටළු, ඒ වගේම මොනවද ඒවාට තියෙන පහසු විසඳුම් කියලා.

 

 

මාස්ක් පැළඳීම නිසා බහුතරයකට ඇති වෙලා තියෙන ලොකුම ගැටළුවක් තමයි මුහුණේ සම වියළීම කියන ගැටළුව. බොහෝ වෙලාවක් ෆේස් මාස්ක් එකක් පළඳින කෙනෙක් නම් වැඩි වෙලාවක් මුහුණ ආවරණය වී තිබීම නිසා මුහුණේ සම වියළීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ස්වභාවයෙන්ම වියළි සමක් තියෙන කෙනෙක්ට මේ තත්ත්වය ටිකක් දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඉතින් කාලයක් මේ තත්ත්වය පැවතු​ණොත් තවත් සමේ ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ සමේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකර්මයක් ක​ළයුතු වෙනවා. හොඳ වර්ගයේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිතා කිරීමෙන් වගේම නිතර මුහුණට හොඳ සත්කාරයන් කරගැනීමෙන් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්.

 

 

කුරුලෑ ඇතිවීම කියන්නෙ සම වියළීම කියන ගැටළුවට පස්සේ වැඩිපුරම අහන්න ලැබෙන ගැටළුවක්. වැඩිපුර තෙල් සහිත සමක් තියෙන අයට ඇතිවෙන ගැටළුවක් වුණත් සාමාන්‍යයෙන් කුරුලෑ නැති කෙනෙක්ට වුණත් ෆේස් මාස්ක් එකක් නිතර වැඩි කාලයක් පැළඳීම නිසා සමේ කුරුලෑ හටගන්න පුළුවන්. කුරුලෑ ඇති වීම හරහා පසුකාලීනව සම අවපැහැවීම වගේ ගැටළුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටළුවට විසඳුමක් වෙන්නෙ නම් මාස්ක් පැළඳගෙන ඉන්න අතරෙත් නිතර මුහුණේ සම පිරිසිඳු කිරීමයි. හෝදන්න අපහසු එළිමහන් තැනකදීනම් හොඳ වර්ගයක වෙට් ටිෂූ එකක් භාවිතා කරලා මුහුණ පිරිසිඳු කරගන්න පුළුවන්.

 

 

තොල් වියළීම සහ ඉරි තැලීමත් ගොඩක් අයට තියෙන ගැටළුවක්. මාස්ක් එක පැළඳීම නිසා වෙන තවත් දෙයක් තමයි වතුර පාවිච්චිය අඩු වෙන එක. ඒ හේතුව නිසාත් ගොඩක් තොල් වලට අවශ්‍ය වාතාශ්‍රය නොලැබීමත් නිසා මේ විදිහට තොල් වියළීම ඇති වෙන්න පුළුවන්. තොල් වියළීමේ පසු අවස්ථාව විදිහට තොල් ඉරිතැලීම් ඇති වීම දකින්නට ලැබෙනවා. ඉතින් මේ ගැටළුවට තියෙන එක විසඳුමක් තමයි නිතර ජලය පානය කිරීම. ඒ වගේම ලිප් බාම් එකක් භාවිතයෙනුත් තොල් ආරක්ෂා කරගන්න පුළුවන්.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here